අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් අට අතරින් පෙරමුණට පැමිණ සිටින ඉකුත් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදීද ඉතාමත් ස්ථාවරව සිටින බව ප‍්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.
‘‘අපේ කණ්ඩායම ඉතාමත් ස්ථාවර තත්ත්වයක ඉන්නවා. නමුත් අපි තව තවත් උනන්දු වන්නේ සියලූ අංශ වැඩි දියුණු කරමින් තවත් ස්ථාවර වෙන්න ඕන. සමස්තයක් වශයෙන් ගත්තහම පුහුණුකරු විදිහට මට සතුටු වෙන්න පුළුවන්. නමුත් අපට තවත් වැඩි දියුණු කළ හැකි සහ දියුණු කළ හැකි ක්‍ෂේත‍්‍ර තවත් අනිවාර්යෙන්ම තිබෙනවා’’ යැයි මහේල ජයවර්ධන පවසනවා.
ඉකුත් වසරේදී ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් මහේල ජයවර්ධන ප‍්‍රධාන පුහුණුකරුව සිටිමින් කළ සේවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් කළමනාකාරීත්වයද ඉතාමත් ඉහළින් වර්ණනා කර ඇති අතර මෙවර තරගාවලියේදීද තරග 12 කදී ජයග‍්‍රහණ අටක් ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා තිබෙනවා.
තරගාවලියේ වැඩිම ජයග‍්‍රහණ ලැබූ කණ්ඩායම වන්නේද ඔවුන්ය.