ප්‍රංශයේ නීස් නගරයේ නොට්‍රා ඩාම් දේවස්ථානයේ දී පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහරදී තිදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.
ප්‍රහාරය එල්ල කර පැනයෑමට උත්සහගත් අවස්ථාවේ දී එරට ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කර සිටිය දී සිදුකළ පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව සදහන් වේ.
මේ හේතුවෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබේ.