ශ්‍රි ලංකාවේ සුපිරි පිතිකරුවෙකු වූ සනත් ජයසූරියට අයි සී සී දූෂණ විරෝධී ඒකකය පනවා තිබූ වසර 2 ක ක්‍රිකට් තරඟවලට ඕනෑම අයුරකින් සහභාගී වීමේ තහනම අද දිනයේ අවසන් වී තිබෙනවා.
මේ පිළිබඳව අයි සී සී දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා නිල වශයෙන් තමාට දැනුම් දුන් බවයි සනත් ජයසූරිය මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.