එංගලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තරගය සඳහා පනවා ඇති කොරෝනා නීති සංග‍්‍රහය කඩා දැමූ බාබේරියන් ක‍්‍රීඩකයන් 13 දෙනෙකුට රග්බි පාපන්දු සංගමය විසින් චෝදනා කර තිබෙනවා. අදාළ ප්‍රොටෝකොලය උල්ලංඝනය කිරීම සහ අසත්‍ය ප‍්‍රකාශ සැපයීම අදාළ ක‍්‍රීඩයන්ට එරෙහිව ඇති චෝදනාවයි.
එංගලන්ත රග්බි සංගමය විසින් බාබේරියන් කණ්ඩායම කොවිඞ්19 නීති කඩා දැමූ බැවින් තරගයද අවලංගු කර තිබෙනවා. මේ වන විට චුදිත ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඇති චෝදනා සම්බන්ධව නඩුව විභාග කිරීමෙන් පසුව එම ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න හෙළි කරන බව එංගලන්ත පාපන්දු සම්මේලනය සඳහන් කරනවා.
නීති රීති කැඩූ ක‍්‍රීඩකයන් අතර හිටපු එංගලන්ත පාපන්දු නායක ක‍්‍රිස් රොබ්ෂෝද සිටි බවත් ඔහු ඒ සම්බන්ධව සමාව අයැද සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
චෝදනා ලැබ සිටි ක‍්‍රීඩකයන් සිය හෝටල් කාමරයෙන් ඉවතට ගොස් රාත‍්‍රී ආහාර ලබා ගැනීම සහ ලන්ඩනයේ ප‍්‍රසිද්ධ සමාජ ශාලාවක සිටි බවද වාර්තා වනවා.