වෙළෙද පොළේ ඇති ඉස්හොරි (scurf,dandruff) මර්දන ෂැම්පු වර්ග ඛෙහෙවින් රසායනික් ද්‍රව්‍ය අඩංගු ඒවා බව ඔබ කොහොමත් දන්නවානේ. ඒ නිසා ඔබේ ඉස්හොරි සදහා ෂැම්පු වර්ගයක් වෛද්‍ය උපදෙස් මත තෝරා ගැනීම වඩාත් වැදගත් වෙනවා. එසේම ඒවායේ සදහන් කර ඇති උපදෙස් කියවා ඒ අනුව ෂැම්පු වර්ග පාවිච්චි කළ යුතුයි. මෙවැනි ෂැම්පු වර්ගයක් නිතර පාවිච්චි කිරිමද නොකළ යුතුයි. සති දෙකකට හෝ තුනකට වරක් මෙවැනි ෂැම්පු වර්ගයක් පාවිච්චි කිරිම ප්‍රමාණවත් වෙනවා.
කෙනෙකුගේ සිරුරේ නිරෝගිකම නොමැතිවීම හා මලබද්ධය ඇතිවීමද ඉස්හොරි වැඩිවීමට හේතු වෙනවා මේ නිසා දිනපතා හැකි තරම් වතුර පානය කිරිමත්, අලූත් එළවළු, පලාවර්ග ගැනීමත් මගින් මලබද්ධය මැඩපවත්වා ගැනීමෙන් ඉස්හොරි පාලනය කරගත ගන්න හැකියාව තිබෙනවා.මෙවැනි අයට රතු කැකුළු හාලේ බත් මෙන්ම විශේෂයෙන් නිවිති, සලාද කොළ වැඩිපුර ආහාරයට එක්කර ගැනීමද වැඩ සුදුසුයි.
එසේම සැර කෑම බීම ගැනීමෙන් වැළකීමද ඉස්හොරි මර්දනයට හේතු වෙනවා. විශේෂයෙන් අච්චාරු, බලමාලූ, සෝස් වර්ග, අධික තුනපහ අඩංගු කෑම, විනාකිරි අඩංගු කෑම මෙන්ම ටින් කෑම වර්ගද අහිත කරයි.
වියළි ඉස්හොරි (කුඩුමෙන් ගැලවී යන) තිබේ නම් දිනපතා හිස පහළට දමා බ්‍රෂ් කරන්න. සියවරක් පමණ මෙසේ බ්‍රෂ් කිරිමෙන් ඉස්හොරි කුඩු ක්‍රමයෙන් ගැලවී යන්න ගන්නවා. මෙසේ බ්‍රෂ් කිරිමෙන් කෙස් මුල් වලට හොදින් ලේ ගමනාගමනය සිදුවීම නිසා හිසේ වියළි බව දුරුවන අතර ඉස්හොරි මර්දනයටද හේතුවෙනවා. එහෙත් ඔබට ඇත්තේ තෙල් සහිත ඉස්හොරි නම් (හිසේ ඇලී පවතින) මෙසේ බ්‍රෂ් කිරිම නොකළ යුතුයි.. එවැනි තෙල් සහිත ඉස්හොරි ඇති අය එසේ බ්‍රෂ් කළහොත් ඉස්හොරි තවත් වැඩිවීමට ඇති හැකියාව වැඩි.
හැමවිටම ඉස්හොරි පිරිසිදු කිරිමට ස්භාවික ද්‍රව්‍ය හෝ ස්භාවික ද්‍රව්‍ය වලින් සැකසු ආලේපන යොදා ගැනිම වඩාත් යෝග්‍ය වෙනවා. ඉන් හිස කෙස් ද ආරක්ෂා වෙනවා. විශේෂයෙන් ඉස්හොරි සදහා කොහොඹ ෂැම්පු භාවිත කිරිම බෙහෙවින් උචිත වෙනවා.