කොහොමද ප්‍රමුදි දුවත් එක්ක ගෙවෙන ජීවිතය?
සතුටින් ජීවිතය ගෙවනවා. දැන් මට අවුරුදු එකහමාරක දුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක් වීම කියන්නේ ජීවිතයේ වෙනස් අත්දැකීමක්. දුවගේ වැඩත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එයාගේ වැඩ කරද්දී වෙලාව යනවා තේරෙන්නෙවත් නැහැ. දැන් එයාගේ හොඳම වයස. ලස්සනම කාලේ. හරි දඟයි දැන්. ඉතින් එයාගේ වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා.
දුවගේ නම මොකක්ද?
දුවගේ නම සෞර්‍යා දෙනවක.
දුව ප්‍රමුදි වගේද? සැමියා වගේද?
දුව මම වගේ කියලත් එයාගේ තාත්තා වගේ කියලත් කියනවා. මට නම් එයාව තාත්තා වගේම තමයි පේන්නේ.
ප්‍රමුදිට සැමියාව මුණගැහුණේ කොහොමද?
මම ක්ෂේත්‍රයේ ඉදිද්දි දැනගෙන තමයි එයා මට මුණගැහුණේ.
ප්‍රමුදි රැකියාවක් කරනවද?
මගේ සැමියා සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් එයාගේ තැනම තමයි මම වැඩ කරන්නේ. දුව ලැබෙන්න කලිනුත් මම එයාට උදවු කරගෙන ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. දුව ලැබුණට පස්සෙ මාස හයක් විතර වැඩ කළේ නැහැ. සැමියා එක්ක එයාගේ වැඩකටයුතුවලට සහාය වෙමින් ඉන්න එකට මම කැමැතියි. වෙන රැකියාවකට ගියොත් පවුලේ දේවල් මඟහැරෙන්න පුළුවන්. ඉතින් සැමියාගෙම වැඩ කටයුතුවලට සහාය දුන්නම හැමදේම සමබර කරගෙන යන්න පුළුවන්.
ප්‍රමුදි දැන් රංගනයෙන් ඈත්ම වෙලා නේද?
මම රංගනයෙන් අයින් වෙලා, අවුරුදු පහක්, හයක් වෙනවා. මම හිතුවා රංගනයෙන් අෑත් වෙලා ඉද්දි ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. මට රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනයට එකතු වෙන්නේ නෑ කියලා හිතලා තියෙන්නේ. රංගනය පටන් ගත්තොත් ඒවට කාලය යොමු කරන්න අමාරුයි. දැන් දුවගේ වැඩත් තියෙනවානේ. මම පොඩි කාලේ ඉඳන් රංගන කටයුතු කළා. නිවේදන කටයුතු කළා. අවුරුදු 18ක් විතර වෙනකල් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ ඇති කියලා හිතෙනවා.
ප්‍රමුදි රංගනයෙන් අයින් වෙලා ඉන්නවට සැමියා කැමැතිද?
මම කලා කටයුතුවලට එකතු වෙනවට එයාගේ ලොකු කැමැත්තක් කොහොමත් නැහැ. එයා මට කියන්නේ ‘ඔයා ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගත්ත කෙනෙක්. ඒක නැති කරගන්න එපා’ කියලා. තාමත් ඔයාව දකින අය ඔයා ගැන හොඳක් කතා කරන්නේ. ඒ නිසා ආයෙත් රංගනයට යන්න අවශ්‍ය නෑනේ කියලා තමයි එයා කියන්නේ. එයාගේ වැඩවලට උදවු වෙලා, එකමුතුව ඒ වැඩ කරගෙන ඉන්නවට එයා කැමැතියි. එතකොට බබාව, පවුලේ දේවල් මඟ හැරෙන්නෙත් නෑනේ.
ප්‍රමුදි ආයෙත් මවක් වෙන්න සූදානම්ලු නේද?
ඔව්. ආයෙත් මම මවක් වෙන්න ඉන්නේ.
ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පුතෙක්ද?
තවම දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා දන්නේ නැහැ. තව මාස තුනකින් විතර ඒක දැනගන්න පුළුවන්. දුවෙක් ඉන්න නිසා පුතෙක් ලැබුණොත් හොඳයි කියලා සමහරු කියන්නේ. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ඉතින් සතුටින් භාරගන්නවා.