පැණිදෙණිය මාර්ගයේ පුද්ගලික සේවා ස්ථානයන්වල සේවයකයන් මුව ආවරණ නොමැතිව සේවයේ යෙදී සිටින බවට පැතිර ගිය පැමිණිලි සඳහා ක‍්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරීන්ට ලද හෝඩුවාවන් මත, අදාළ කටයුත්ත පිළිබඳව සොයා බැලීමට කම්කරු දෙපාර්තමේන්තුවට පැවිරිණි.
මන්ද සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටින ගල්වලක කිසිදු සේවකයෙක් කොවිඞ් 19 වෛරසයෙන් බේරීම සඳහා මුව ආවරණ දමා නොමැති වීමත්, ගල් වළක කටයුතු කළයුතු අන්දමට සෞඛ්‍යාරක්ෂිත පරිදි කටයුතු නොකිරීමත් මත වැඩය දිග්ගැස්සිණි. මෙම ඉඩම අක්කර පනස් හයකට වැඩි ඉඩම රජයේ ද පුද්ගලික අංශයේ ද යන්න ස්ථිර නිගමනයකට පැමිණීමට තරම් සාදක කොතැනක හෝ නැත. අදාළ ඉඩමෙහි පවත්වා ගෙන ගිය ගල් කොරියෙහි සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසෙහි හිමිකරුවා හෝ හිමිකරුවන් කවරෙක්ද යන වග සොයා ගැනීමටද නොහැකි තැන කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ වැටලීම් කණ්ඩායමක් සමග ගල් කොරිය වෙත ගියේ මෙහි සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීම සඳහාය. වැටලීම සිදුකරන අවස්ථාවේ සෞඛ්‍ය පහසුකම්වලින් තොරව සේවකයන් තුන් සියයකට ආසන්න පිරිසක් එම ස්ථානයේ සේවයේ යොදවා සිටියේ හරිහැටි අයිතිකරුවකු ද නොමැතිවය.
මේ ගල්වල කාගේද ..? යැයි අසන පැනයට කිසිවකුගෙන් පිළිතුරක් නැති තැන අදාළ නිලධාරීන් වෙන වෙනම සේවකයන්ගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
ඉන් ඇතැමෙක්, ”අනේ මහත්තයෝ, මොනවත් කියන්න නම් බැහැ… මහත්තයාලා ගියාට පස්සේ අපේ ලොකු මහත්තයා ඇවිත් අපිට බනීවි…”
”මීට කලින් සැරේකත් අපේ වළේ හිටපු අක්කා කෙනෙක් ගෙදර යැව්වා… ආයේ ගත්තෙත් නැහැ. එතකොට කොහොමද අපි එදා වේල කන්නේ..?”
දරුවෝ ඉස්කෝලේ යවන්නේ යන්තං ගේ කෑල්ල අටවගන්නේ මේ ගල් වළ නිසා.. අපි කීයක්වත් ඉතුරු කරගෙන නෑ මහත්තයෝ… තවකෙක් කීය.
මෙය ඇත්තෙන්ම සමාජ ප‍්‍රශ්නයක් දක්වා ඔඩුදුවා තිබේ. කෙසේ වෙතත් ඒ මොහොතේ සේවයේ යෙදී සිටි පිරිස් අතරින් ඇතැමුන් නිලධාරීන්ගේ පැමිණීමත් සමග හොර රහසේම විසිර යනු දක්නට ලැබිණි. ගල්වළ ආසන්නයේ නතර කර තිබූ ලොරි පනහක් හැටක් පමණ දක්නට ලැබුණු අතර, ඒවායෙහි රියැදුරු අසුන්හි හුන් බොහෝ රියැදුරු මහත්වරු ජංගම දුරකථනය කනේ රුවාගනිමින් ලොරි රථ පනගන්වා එතැනින් නික්ම යෑමට පියවර ගත්තේය. කම්කරු නිතී හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ ගල් කොරිය වැටලීමට ඒ මොහොතේ පියවර ගත්තේ මහනුවර කම්කරු දෙපාර්තමේන්තු විශේෂ වැටලීම් කණ්ඩායමය. මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මෙම ගල් කොරියේ සේවකයන් තුන්සිය දෙනාම දෛනිකව සේවයේ යොදවා තිබෙන බවත් ඔවුන් කිසිවකුටත් සේවක අයිතීන් නොලැබෙන බවටත් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම ඔස්සේ අනාවරණය කර ගැනීමට හැකිවිය.
මෙම ගල් කොරිය මහා පරිමාණ එකකි. එහි බෝර දමා කඩන ගල් එතැනදීම කුඩා කැබලිවලට කඩා දමන්නේ නැත. ගල් වළ ළග සිට මීටර් දෙසීය තුන්සියය ඉක්මවා ගිය තැන, තැනින් තැන ගල් කැෂර් තිහක් පමණ ස්ථාපිත කර තිබෙන බව දක්නට ලැබිණි. ඒ ඒ කැෂර් අසල කුඩා පෙට්ටි වැනි කාර්යාල ස්ථාපිත කොට ප‍්‍රධාන කළමණාකරුවකු හෝ ලියන මහත්තුරු හෝ යොදවා තිබිණි. ඒ ඒ කැෂර් සදහා හිමිකරුවන් වෙන වෙනම සිටින බවක් පෙනී ගිය හෙයින් ඔවුන් පිළිබද තොරතුරු සෙවීම කම්කරු නිලධාරීන්ගේ ප‍්‍රමුඛ කටයුත්ත වී තිබිණි. මන්ද ඒ අතරින් ලියාපදිංචි වූ කැෂර් තිබුණේ පහක් පමණි. වැටලීම් භාර කම්කරු නිලධාරී උපුල් ආරියරත්න මහතා විසින් මෙම ගල් කොරියේ සේවකයන්ගේ හිමිකරුවන් සොයා විශේෂ විමර්ශනයක් සිදු කළේ මෙම සේවකයන්ට සිදුව ඇති අසාධාරණයත් කම්කරුවකු ලෙස රජයෙන් හිමිවිය යුතු සේවා පහසුකම් අහිමිවීමත් දැඩි දෝෂ දර්ශනයට ලක් කරමිනි. සමාන්‍ය පිලිවෙත අනුව, ගල්වළක් පවත්වාගෙන යෑමේදී, ගල්වළ ස`දහා පරිසර බලපත‍්‍රයක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත‍්‍රයක් ප‍්‍රාදේශීය සභාව වෙත බදු ගෙවීම ස`දහා වන ලියැකියවිලි සහිත බලපත‍්‍රයක් වෙඩි බෙහෙත් ලබා ගැනීම සදහා වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරනු ලබන අවසර පත‍්‍රයක් ආදිය අනිවාර්යයෙන් තිබිය යුතුය. නමුත් මෙම ගල්වළ ස`දහා නිකුත්කරන ලද එවන් බලපත‍්‍ර කා සතුව ඇත්දැයි සොයාගත නොහැකි තත්ත්වයක් තිබිණි. සේවකයන් භාර හිමිකරුවන් පිළිබ`ද දත්ත රැස්කරන විට සේවකයන් පැවසූ තොරතුරු අනුව, හිමිකරුවන් විසිපස්දෙනකුට වැඩි සංඛ්‍යාවක් මේ ගල් කොරියට වග කියන බව හෙළිවිය. හිමිකරුවන් විසිපස්දෙනාම උඩුනුවර ආසනයේත්, පේරාදෙණිය ආසන්නයේත් පදිංචිකරුවන් බවද අනාවරණය විය.
මේ හිමිකරුවන් සේවයකයන් යොදවා ඇත්තේ අතීත වැඩවසම් යුගය සිහිවන පරිද්දෙනි. එහි සේවයේ නියුතු කිසිදු සේවකයකු කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවද පරීක්ෂණ මගින් හෙළිවිණි. අක්කර හැටකට ආසන්න වපසරියක් පුරා විහිදී ගිය ගල් වළෙහි සැබෑ හිමිකරුවන් කවුද යන්න සොයා ගැනීම දුෂ්කර කාර්යක් වුවද ඒ වග සොයා යෑම අතිශය වැදගත්ය. කම්කරුවන් වහලූන් සේ වැටී වැඩ කරනවා විනා ඔවුනට හිමිවීමට ඇති අයිතීන් කිසිවක් නොලැබීම දැන්වත් නතර කිරීම ස`දහා සැබෑ හිමිකරුවන් හ`දුනාගත යුතුය. වැඩකළ පිරිස අතරින් වයස අවුරුදු හතළිහකට ආසන්න කම්කරුවකු අපූරු කතාවක් කියා ගියේය. ‘‘මහත්තයෝ ඔය මොන දේ හෙව්වත් ඕවා යට යනවා මෙතන පාලනය කරන්න කී දෙනෙක් හිටියත් ඒ හැමෝම වැඩකරන්නේ දේශපාලන හයියකින්. ඒ නිසා ඔය තොරතුරු ගත්තාට වැඩක් නෑ….” ඔහු කී දෙයින් වසර පනහකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය ඒ ගල් වළෙහි හයිය පෙනී ගියේය. වසර පනහක කාලය අතර වසර හතළිස් පහක් වසර තිහක් වසර තිස් දෙකක් වසර විසිපහක් වසර විස්සක් වැනි කාල රාමුවක එක දිගට වැඩ කළ සේවයකයන් එහි විය. නමුත් ඒ කිසිවකුට සේවක අර්ථසාධක අරමුදලක් හෝ සේවකයන්ගේ භාරකාර අරමුදලක් හෝ ලැබෙන මාර්ගයක් නැත. ඊට ප‍්‍රමුඛතම හේතුව මේ කිසිදු සේවකයෙක් කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර නොතිබීමය.
වැටලීම් කණ්ඩායම සියලූ කම්කරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගනු ලැබුවේ මෙම සිද්ධිය සිදුවූ ඔක්තොම්බර් මස විසි එක් වැනිදායින් පසුවය. කම්කරු නීති උල්ලංඝනය කරමින් අනාරක්ෂිත ලෙස කම්කරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගල් කොරියේ හිමිකරුවන් සොයා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන්නට කම්කරු දෙපාර්තමේන්තුව දැන් කටයුතු කරන්නට සූදානම්ය. කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින ලංකාවේ සේවකයන් අර්ථසාධක අරමුදල (ඊටීඒෆ්), සහ සේවක භාරකාර අරමුදල (ඊපීඑෆ්) ට යටත්ය. ඒ අනුව සියයට අටක් මූලික වැටුපෙන් ද ආයතනය මගින් සියයට දොළහක් ද ලබා දීම නියමයය. එහි රැුස්වන මුදල සේවය අවසන් කරන දින හෝ විශ‍්‍රාම යන දින සේවකයාට ආපසු ලැබේ. නමුත් වසර පහනක කාලයක් පවත්වා ගෙන ගිය මෙම ගල් කොරියේ සේවය කරන කිසිදු සේවකයකු මෙම නීතියට යටත්ව නැත. මන්ද ඒ කිසිවකුත් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර නැති නිසාය. වැඩවසම් යුගයේ සේවකයා සහ සේව්‍යා යනු අහසට පොළව සේ දෙතැනක වෙසෙන්නන්ය. සේව්‍යා සිය බලය පාවිච්චි කරමින් සේවකයාගේ අයිතිවාසිකම් පිළිබ`දව කිසිදු තැකීමක් නොකොට සේවයම පමණක් සොච්චං මුදලකට ලබා ගැනීමට කටයුතු කිරීම එහි දක්නට ලැබූ දෙයකි.
ගල් කොරියේ ද පැවතී ඇත්තේ එවන් ක‍්‍රමවේදයකි. මෙහි තවත් එක් පැත්තක් පිළිබදව එහිදී අනාවරණය විය. දේශාලන අධිකාරියක් මගින් තමන්ට හිතවත් පිරිසක් වෙත හිතහොදකමින් ලබාදී පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපාරයක් වන්නට පිළිවන. වේල සොයා ගනු පිණිස කටයුතු කරනවා විනා සේවක අයිතිවාසිකම් ඉල්ලා කිසි විටෙකත් කෑ ගසා නැත. ඒ තමන්ට රැකියාව අහිමි වේවිය යන බිය නිසාය.
ගල්කොරියේ ඉඩම පිළිබ`දව හෝ හරි හැටි නිශ්චිත බෙදා ගැනීමක් නොමැති විට සේවකයන් ගැන කුමන කතාදැයි අපට සිතුනද මෙය බලවත් අතකින් පාලනය වන සමූහ ව්‍යාපාරයක් වැන්නකි. ඒ සියලූ තතු මතු දිනෙක මතුවනු ඇතිය යන බලාපොරොත්තුව මත සේවකයන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට බාධාවකින් තොරව රජයේ කම්කරු දෙපාර්තමේන්තුවට ශක්තිය ලැබෙනු ඇතැයි අපි සිතමු.