කටාන අක්කර පනහ ප‍්‍රදේශයේ පදිංචි මහා පරිමාණයේ බීඩි නිෂ්පාදකයකු වූ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට ආයුධ සන්නද්ධව ඇතුල් වී කොල්ලකෑ මුදලින් රුපියල් තිස් දෙලක්ෂ අසූතුන්දහසක් තම නිවසේ බලූ කූඩුව තුළ සඟවා තිබියදී එම සැකකරු සහ මුදල් අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය සමත් විය.
පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා පෙරවරුවේ කටාන අක්කර 50 මාවතේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුල් වූ ආයුධ සන්නද්ධ 7 දෙනකුගෙන් යුත් කල්ලිය විසින් එම ව්‍යාපාරිකයාට මරණීය තර්ජන එල්ල කොට රුපියල් කෝටි තුනහමාරකට අධික මුදල් සහ රන් අබරණ කොල්ලකා පළාගොස් තිබිණි. ඉන් අනතුරුව තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිද්දී එප්පාවල ප‍්‍රදේශයේ සැඟව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවසේ බලූ කූඩුව තුළ සඟවා තිබූ රුපියල් 32,43000 ක් අත්අඩංගුවට ගෙන ඇත.