• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Entertainment

ජනහද දිනූ කලාකරුගේ ජීවිත කතාවෙන් බිඳක්

October 20, 2020
in Entertainment
ජනහද දිනූ කලාකරුගේ ජීවිත කතාවෙන් බිඳක්
0
SHARES
15
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රසික හදවත් පිනවූ ටෙනිසන් කුරේ කලාකරුවා ක‍තෝලික පියෙකුට සහ බෞද්ධ මවකට දාව උපත ලැබුවේ 1952 අප්‍රේල් මස 30 වන දිනය. මව නමින් හේරත් මුදියන්සේලාගේ රන් මැණිකා වූ අතර පියා එඩ්ගාර් ස්ටැන්ලි ආතර් කුරේය. ඔහුගේ පියා කලක් දේවගැතිවරයෙකු වීමට  ඉගෙන ගත් අතර ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය හොඳින් කියවූ අයෙක් විය. ටෙනිසන් කුරේ මහතා තම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීමට රෝමානු ක‍තෝලික පාසලකට ඇතුළත් වූ අතර කැස්බෑව ප්‍රාථමික විදුහල ඔහුගේ දෙවන විදුහල විය. ටෙනිසන් කුරේ මහතා උසස් අධ්‍යාපනය හැදෑරුවේ මොර‍ටුව මෙතොදිස්ත පාසලෙන්ය.

ඔහු සහොදර සහොදරියන් හත් දෙනෙක් වූ පවුලක දෙවැන්නා විය. මවගේ අභාෂයත් පියාගේ ආභාෂයත් යන දෙකම අනුව ටෙනිසන් කුරේ මහතා කුඩා කල පටන්ම පන්සල සහ පල්ලිය ඉතා හොඳින් ඇසුරු කරන්නෙකු විය. 

නව යොවුන් වියේදීම ටෙනිසන් කුරේ මහතා පල්ලියේ උත්සවවල රඟදක්වන්නෙකු බවට පත් විය. රඟපෑමට ඇති කැමැත්ත නිසාම ඔහු නාට්‍ය සම්මුඛ සාකච්ඡා කිහිපයකටම සහභාගී වූ නමුත් ඔහුගේ පෙනුම නිසා කුරේ මහතාට එම අවස්ථා සියල්ල අහිමි විය. එයින් බොහෝ සේ කලකිරී සිටි ඔහුට, ඔහුගේ පියා දුන් අවවාදය නම් ‘ඔබට රඟපෑමට අවශ්‍ය නම් ඔබට ගැලපෙන නාට්‍යයක් කළ හැකි’ යන්නය. එයින් පන්නරය ලැබූ ටෙනිසන් කුරේ මහතා ”අපාය”නමින් වෙසක් නාට්‍යයක්  නිර්මාණය කළේය. ඔහු එයින් අරමුණු කරගත්තේ පව් කිරීමට මිනිසුන් තුළ භිය ඇතිකිරීමයි. එහි ශබ්ද පරිපාලනය සිදු කළේ ද ඔහු විසින්මය.

ඔහුගේ රංගන දිවියට නව අඩිතාලමක් දමා ගනිමින් පූජ්‍ය තියෝඩර් එච් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයක රඟපෑමට එක්විය. ඉන්පසු ඔහු තම නාට්‍ය කුසලතාව වර්ධනය කර ගත්තේ විලෝරවත්ත පල්ලියේ බයිබල් පාසලෙන්ය. එන්.සී.සී ගුවන් විදුලිය සඳහා ක්‍රිස්තියානි නාට්‍යයක් ඔහු නිෂ්පාදනය කළේ ඉන් අනතුරුවය. 

1984 දී ඔහු නව චිත්‍රපටයක තිර රචනයක් ලිවීම සඳහා දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්විය. 1986 දී ඔහුගේ පළමු චිත්‍රපට රඟපෑම වූයේ දිනේෂ් ප්‍රියසාද්ගේ ”පෙරළිකාරයෝ” චිත්‍රපටයයි. දිනේෂ් ප්‍රියසාද්ගේ බ්ලොක්බස්ටර් සහ දෙමෝදර පාලම චිත්‍රපටයේ තිර රචකයා වූයේ ද ඔහුයි. 

ඉන්පසු ඔහු 1987 දි දිනේෂ් ප්‍රියසාදිගේ නොම්මර එකයි චිත්‍රපටයේ රඟපෑමට එක් වූ අතර එහි තිර රචකයා වූයේ ය ඔහුයි. අඩු පිරිවැයකින් නිෂ්පාදනය වූ නොම්මර එකයි චිත්‍රපටය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටයක් විය. ජනතාවගේ කැමැත්ත සහ අකමැත්ත ගැන ටෙනිසන් කුරේට හොඳ අවබෝධයක් ඇති බව දිනේෂ් ප්‍රියසාද්ට හැඟීගිය බැවින් ඔහු ටෙනිසන් කුරේ මහතාට නව තිර රචනයකට ආරාධනා කළේය. නමුත් ඒ වන විට ඔහු ක්ෂේත්‍රයේ නවකයෙකු වූ බැවින් නිෂ්පාදක්වරයාගේ අකමැත්ත මත ඔහුට එම චිත්‍රපටයෙන් හමු වූයේ සුළු චරිතයක්. 

ඉන්පසු ඔහු අකීකරු පුත්‍රයා නමින් කිතුණු සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. ඔහුගේ පළමු වේදිකා නාට්‍ය වූ ”අපායේ තත්පර 1800ක්” බෞද්ධ සහ කිතුණු ජනතාව අතර එකසේ ජනප්‍රිය විය.

ඉන්පසු කුරුල්ලා, මෑන්ද මෑන් වැනි වේදිකා නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කල ඔහු රංගනශිල්පී බන්දු සමරසිංහ සමඟ එක්ව රෑ දනියෙල් දවල් මිගෙල්, චෙරියෝ, කොළොම්පූර්, පාර්ලිමන්ට්ස් ජෝක්, සොමි බෝයි ඇතුළු විකර චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක විය. ඉන්පසු ඔහු බොහොමයක් චිත්‍රපටවලට දායක වී ජනතා ආක්ර්ශනය දිනා ගැනීමට සමත් විය. ප්‍රේක්ෂකයා සිනාවට නැංවීමට ටෙනිසන් කුරේ කලාකරුවාට තිබුණේ නොමඳ හැකියාවක්. 2018 වසරේ දී දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම විකට නළුවා ලෙස පිදුම් ලැබීමට සමත් විය. 

ඔහු මල්සිරි එරන්ජනී සමඟ විවාහ දිවියට පත්ව දියණියකගේ ආදරණීය පියෙක් වූවේය. හදවත් රෝගී තත්ත්වයක් නිසා රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටිය දී ටෙනිසන් කුරේ මහතා 68 වන වියේ දී  2020 සැප්තැම්බර්මස 28 වන දින කොළඹ ජාතික රෝහලේ දී මෙලොවින් සදහටම සමුගත්තේ සියළු කලා ක්ෂේත්‍රයට විශාල හිඩැසක් තබමින්ය.

ටෙනිසන් කුරේ කලාකරුවාණෙනි, ඔබට සුභ ගමන් !!!

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

වෛරසයෙන් ආරක්ෂාවීමට ආහාර

Next Post

ලොව අංක එකේ සුපිරි ක්‍රීඩකායාට අමෙරිකානු ටෙනිස් තරඟාවලිය අහිමි වෙයි

Next Post
ලොව අංක එකේ සුපිරි ක්‍රීඩකායාට අමෙරිකානු ටෙනිස් තරඟාවලිය අහිමි වෙයි

ලොව අංක එකේ සුපිරි ක්‍රීඩකායාට අමෙරිකානු ටෙනිස් තරඟාවලිය අහිමි වෙයි

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.