• Home
  • Advertise
  • Contact
Tuesday, January 26, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

    දෙවෙනි ඉනිම දෙවෙනි වෙයි ?

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන සිය පුංචි දියණියගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    පිට පෙන්නූ නතාශාට පැය 6 ට ලයික් වැස්සක්

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    චුලක්ෂි පිඹුරෙක් එක්ක වතුරේ දාන සෙල්ලම් (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    ඉන්දුනීසියන් Tik Tok කෙල්ලන් පිස්සූ වැට්ටූ පළමු සිංහල සින්දුව (VIDEO)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

    සජිතගේ උපන් දිනයදා (PHOTOS)

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Entertainment

ආයෙමත් විවාහ වෙන්න කියලා අම්මා බලකරන්නේ නැහැ

October 20, 2020
in Entertainment
ආයෙමත් විවාහ වෙන්න කියලා අම්මා බලකරන්නේ නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සාරංග දිසාසේකර කියන්නේ කලාවට ඕපපාතික කෙනෙක් නෙමෙයි. ඒ නිසා පියාගේ ගායන හැකියාවයි මවගේ නිවේදන හැකියාවයි එක්ක ඔහුට රංගන හැකියාවත් උපතින්ම හිමිව තිබෙනවා. මේ සියලු කුසලතා නිසා සාරංගට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඇදිරිනීතිය එක්ක නිවසටම වෙලා ඉන්න සාරංගගේ අලුත් තොරතුරුයි මේ.

ඇදිරි නීතියත් එක්ක ගෙදරට කොටු වුණාට විවිධ වීඩියෝ නිර්මාණ කරලා සාරංග රසිකයින්ට රසවිදින්න ලබා දෙනවා නේද, කොහොමද මේ දවස්වල ඊට ලැබෙන ප්‍රතිචාර..?

සමාජ මාධ්‍ය වලින් තමයි මේ දවස්වල බොහෝ දෙනෙක් රසවින්දනය ලබා ගන්නේ. ඒ නිසා මම කලින් කළ වීඩියෝ කිහිපයක් හදලා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා. ඒවාට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අම්මා එක්ක ගෙදරට වෙලා තනියම නිදහසේ ඉන්න වෙලාවට හිතුනම වීඩියෝ කරලා ඒ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරිනවා.

ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම මේ කොරෝනා ව්‍යසනය නිසා මිනිස්සු පිඩා විදිනවා.ඒ වගේ තත්ත්වයක මේ වගේ දීර්ඝ කාලයක් ගේ ඇතුලටම ඉන්න සිදු වෙනවා කියන්නේ ඕනෑම කෙනෙකුට මානසික ප්‍රශ්න මතු වෙනවා. සීමිත කාලයයි එක තැනකට වෙලා ඕනෑම කෙනෙකුට ඉන්න පුළුවන් වෙන්නේ. මම කැමති නැහැ නිතරම කොරෝනා ගැන කතා කරන්න. මෙච්චර දෙනෙක්ට කොරෝනා අසාධනය වෙලා, මේ වගේ සංඛ්‍යාවක් මැරිලා කියලා නිතරම කියන්න. අපි ධනාත්මකව හිතන්න ඕන මොහොතක් මේක. ඒ නිසා නිවසට වෙලා ඉන්න ජනතාවට මානසික සුවයයි මේ වෙලාවේ ඕන. ඒ නිසයි මම රසවත් දේවල් ධනාත්මක දේවල් ජනතාවට අහන්න දකින්න සැලැස්සුවේ. ඒ නිසාම හොද ප්‍රතිචාර ලැබෙනවා.

ඇදිරිනිතියත් එක්ක බොහෝ නිර්මාණවල රූගත කිරීම් ඇන හිටිලා. ඉදිරි කාලයේදී කාර්යබහුලම කාලයක් වෙයි…?

අලුත් නිර්මාණ කිහිපයක වගේම විකාශය වෙමින් තිබුණු නිර්මාණ කිහිපයකම වැඩ අතරමග නතර වුනා. ඇදිරිනීතිය අවසන් වුනාට පස්සේ ඒ නිර්මාණ යළිත් රූගත කරන්න පටන් ගනීවි. එහෙම වුණොත් දිගටම වැඩ කරන්න වෙයි. කාර්යබහුල වෙයි කියලා මමත් හිතනවා.

කලාකරුවෙක් වුනාට පස්සේ දීර්ඝ කාලයක් නිවසේ හිටපු නිවාඩුව මෙය වෙන්න ඇති..?

ඔව්. මම දිගටම කාර්යබහුල වෙලා හිටියේ. එක එක නිර්මාණ එක්ක. ඇදිරි නීතියත් එක්ක තමයි මම ගෙදරට කොටු වෙලා ඉන්නේ.ඒකත් එක පැත්තකින් හොද විවේකයක් කියලා හිතෙනවා. නැත්තම් උදේ පාන්දරින් ගෙදරින් යනවා. රෑට ගෙදර එන්නේ. අම්මා එක්ක ඉන්න ලැබෙන කාලයත් අඩුයි. මේ දවස්වල මටයි අම්මටයි එකට ඉන්න වැඩිපුර කාලයක් ලැබුනා. ඒකත් සතුටක්.

ගෙදර උයන පිහන දේවල්වලට කොහොමද පුතාගෙන් අම්මට ලැබෙන උදව්ව..?

අම්මා එහෙම කවදත් මගෙන් ගෙදර වැඩවලට උදව් ඉල්ලන්නේ නැහැ. මට එහෙම හිතලා කරලා පුරුද්දකුත් නැහැ. අම්මා උයනකොට එයා වටේ කැරකි කැරකි ඉන්නවා. මොකක් හරි කරලා දෙන්න කිව්වොත් කරලා දෙනවා. ඇත්තටම මම උයන්න දන්නේ නැහැ. ඒ නිසා අම්මා ඉල්ලන දෙයක් කරලා දෙනවා.

නිවාඩු පාඩුවේ ඉන්නකොට යාළුවෝ එක්ක නිතරම එළියෙන් කෑම බිම අරගෙන පුරුදු වෙලා ගෙදර කෑම කන එක ඒකාකාරීයි කියලා හිතෙන්නේ නැද්ද ..?

මම කොහොමත් කෑම බිම්වලට වදදෙන කෙනෙක් නෙමෙයි. අම්මා හදලා දෙන ඕන දෙයක් කනවා. යාළුවො එක්ක නිදහසේ කතාබහ කරන්න විනෝද වෙන්න එහෙම නැත්තම් කෑම බිම ගන්න අපි එලියට යනවා. යාලුවන්ගේ ගෙදර යනවා. ඒ වගේ වෙලාවටත් මම කොහොමත් පිටි වර්ග, තෙල් වර්ග කෑම ගන්නේ හරිම අඩුවෙන්. මේ දවස් ටිකේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගත්තා කියලා හිතෙනවා. කෑම කෙසේ වෙතත් යාලුවෝ නම් මග හැරුනා. ඒ ගැන නම් දුකක් තියෙනවා. අපි නිතරම වීඩියෝ කෝල් අරගෙන හැමෝම එකම වෙලාවේ සම්බන්ධ වෙලා කතාබහ කරන අවස්ථා තියෙනවා.

බොහෝ දෙනෙක් මේ ලැබුණු නිවාඩුවෙන් වගාකටයුතු කළා . සාරංග අම්මා එක්ක නිවසේ වගා කරා කියලත් ආරංචියි..?

අම්මා කොහොමත් ගෙදර වගා කරනවා. අපේ ගෙදර වගා කරන්න ඉඩ තියෙන විදිහට මමත් අම්මත් එක්ක වගා කළා. මම හිතනවා ඒ වගේ දේවල්වලට තරා තිරම බලන්නේ නැතුව බොහෝ දෙනෙක් මේ දවස්වල යොමු වෙලා තියෙනවා. ඒක හොද ප්‍රවණතාවයක්.

පුරුද්දක් විදිහට ජිම් ගිය සාරංගට මේ දවස්වල ජිම් එක මගහැරිලා ඇති..?

ඔව්. මම පුරුද්දක් විදිහට තමයි ජිම් ගියේ. මේ දවස්වල ජිම් යන්න බැරි වුණා. ගෙදර ඉදලා පොඩි පොඩි ව්‍යායාම කළා. නමුත් එයින් සෑහීමකට පත් වෙන්න බැහැ. ගෙදර ඉන්න නිසා කම්මැලි කමට ව්‍යායාම් මගහැරෙනවා. චිත්‍රපටි බලන එක තමයි මේ දවස්වල වැඩිපුරම කරන්නේ. ඒ වගේම ඉදිරියට කරන්න තියෙන නිර්මාණ කිහිපයක පිටපත් අධ්‍යනය කරනවා.

යළිත් විවාහ වෙන්න කියලා අම්මා බල කරන්නේ නැද්ද සාරංග..?

ආයෙමත් විවාහ වෙන්න කියලා අම්මා බලකරන්නේ නැහැ, කොරෝනා අස්සේ ඒ ගැන හිතන්න බැහැ.නමුත් අම්ම උපදෙස් දෙන අවස්ථා තියෙනවා. ඒ උපදෙස් පිළිපදිනවා. නමුත් කිසිදෙයක් කරන්න බලකරන්නේ නැහැ.

හර්ෂණී වීරරත්න

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පළවෙනි ජුරාසික් චිත්‍රපටිය බලන්න මට එදා සල්ලි තිබ්බේ නැහැ, එත් අද මම ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා

Next Post

ගැලපෙන විලසතා කරලා සරලව ඉන්නවා – විලාසිතාවලට ලොකු උනන්දුවක් නැහැ

Next Post
ගැලපෙන විලසතා කරලා සරලව ඉන්නවා – විලාසිතාවලට ලොකු උනන්දුවක් නැහැ

ගැලපෙන විලසතා කරලා සරලව ඉන්නවා - විලාසිතාවලට ලොකු උනන්දුවක් නැහැ

Hot Gossip

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

ගුවන් යානයක් කඩා වැටෙයි – යානයේ සිටි සියල්ලටම කොරෝනා

January 25, 2021
දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

දීපිකාට නිවුන් දරුවන් ලැබිලා

January 25, 2021
වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

වසර 11 කින් පසු රොෂාන් රණවනගෙන් සින්දුවක්

January 25, 2021
හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

හොරගොල්ලට හොරු පනී – විස්කි බෝතල් 2 කුත් උස්සයි

January 24, 2021
කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

කොවිඩ් පැණි බිව් සෞඛ්‍ය ඇමතිනීටත් කොරෝනා

January 23, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.