• Home
  • Advertise
  • Contact
Thursday, July 7, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

    අහිංසක ළමයි වන්දි ගෙවන්නේ දේශපාලඥයන් ගේ වරදින් ද?

    තැන තැන ඉන්ධන මතු වූ හැ ටි

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

    ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

    ඩොන් තුන්වන චිත්‍රපට එකතු වෙන බොලිවුඩ් සුපිරි නළුවා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Entertainment

ආදරවන්තියගෙ චරිතයට වඩා දුෂ්ට චරිතයක් කිරීම පහසුයි – අමෙරිකාවේ දී මම සටන් ක්‍රමත් ඉගෙන ගත්තා

October 20, 2020
in Entertainment
0
SHARES
14
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නෙහාරා පීරිස් නැවතත් රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණ තිබෙනවා.

neඒ වෙනස්ම චරිත රංගනයකින් මෙවර සැඳැල්ලෙන් ඇයගැන කතා කරන්නට ඉඩක් වෙන් වෙනවා.

පුංචි තිරයේ හැමදාමත් පෙම්වතිය වුණු නෙහාරා මේ දිනවල දුෂ්ට වෙලා නේද?

ඔව්, ඇත්තටම දෙරණ නාළිකාවේ විකාශය වන ‘හේලි’ නාට්‍යයේ ‘ෂනින්’ චරිතය හරහා තමයි දුෂ්ට කාන්තාවක් වෙලා ඉන්නේ. ලොකු වෙනසක්, ප්‍රථම වතාවට තමයි මෙවැනි දරිකයක් කරන්නේ.

ප්‍රථම වතාවට සම්බන්ධ වන මේ චරිත රංගනය අභියෝගයක් වුණේ නැද්ද?

ලොකු අභියෝගයක් වුණේ නැහැ. හේතුව මෙහි අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රත්නායකගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පෞද්ගලිකව මම තවමත් කැමති වෙනදා වගේ අහිංසක ආදරවන්තියගෙ චරිතය කරන්න. මට මේ චරිතය වෙනුවෙන් මෙහි අධ්‍යක්ෂවරයා ආරාධනා කරද්දීත් මුලින්ම ආරාධනාව භාරගත්තෙ නැහැ. ඒ චරිතය පිළිබඳ ගොඩක් ප්‍රශ්න ඇහුවා. මොකද මම සාමාන්‍යයෙන් යම් නිර්මාණයක කතා නායිකාව නොවේනම් වැඩ භාරගන්නෙ නැහැ. නමුත් ඔහු කිව්වා මේ නාට්‍යයේ මේ චරිතය ප්‍රධාන දුෂ්ට කාන්තා චරිතය කියලා. මෙය වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි. කියනදේත් කිව්වා. ඉතින් මීට පෙර මෙවැනි චරිතයක් කරලත් නැති නිසා භාරගත්තා.

අපහසුයිද මෙවැනි චරිත රංගනයක් ඉදිරිපත් කිරීම?

කිසිම චරිත රංගනයක් ඉදිරිපත් කිරීම ලේසි පහසු දෙයක් නොවෙයි. දකින අයට නම් හිතෙනවා ඇති මේ මොනවද කියලා. නමුත් ඕනෑම චරිත රංගනයක් රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට අභියෝගයක්. මගේ පෞද්ගලික මතය නම් දුෂ්ඨ චරිතයක් කිරීම පහසුයි ආදරවන්තියගෙ චරිතය කරනවට වඩා. හේතුව අපිට කෙනෙක්ව ඉක්මණින් තරහ ගස්සවන්න පුළුවන්. ඒ ගහලා, බැනලා, කොනිත්තලා වෙන්න පුළුවන්, බැල්මකින් වෙන් පුළුවන්, නමුත් ප්‍රේක්ෂකාගාරයේ ආදරය දිනාගන්න රඟපානවාකියන්නේ හරි අමාරු දෙයක්. දැනෙන් ඕනෑ. ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.

කළු චරිතයක් කරද්දී ප්‍රේක්ෂක ආදරේ අඩුවෙනවා කියනවනෙ? මේ චරිතය භාරගද්දි නෙහාරාට එහෙම හිතුණෙ නැද්ද?

නැහැ. ප්‍රේක්ෂකයො මේ වෙද්දි ගොඩාක් බුද්ධිමත්, අපේ රංගනය ගැන හිතලා ඔවුන් ප්‍රතිචාර දක්වන්නෙ. චරිතයක් නිසා ඒ ආදරේ නැතිවෙනවා කියන්නෙ හරි බොළඳ දෙයක් කොහොමත් මට ආදරය කරන පිරිස මම මොන චරිතය කළත් ඒ ආදරය දක්වනවා. මට අකමැති පිරිස කොහොමත් දොස් කියනදේ සිදුවෙනවා. ඒ තමයි ඇත්ත. මොකද මට කැමති අකමැති පිරිසක් ඉන්නවනෙ.

මේ චරිතයෙ සටන් කරන්න තියෙනවානෙ. ඒ සටන් ක්‍රම පිළිබඳ මීට පෙර හදාරලා තියෙනවාද?

මීට පෙර ලංකාවෙ තායි බොක්ෂින් වගේ ඉගෙන ගෙන තියෙනවා. ඊට අමතරව ඇමරිකාවෙ ඉන්න කාලෙත් ටික ටික මේ සටන ක්‍රම ඉගෙන ගෙන තියෙනවා. හැදෑරීමක් නෙමෙයි. නමුත් ඉගෙනගත්තා. ඒ වගේම මේ නාට්‍යය නිසාම රූගත කිරීම් ආරම්භයට පෙර පෞද්ගලිකව සතියක පමණ පුහුණුවීමක නිරත වුණා. ඒ අත්දැකීම් සහ මෙහි සටන් අධ්‍යක්ෂවරයාගේ සහයෝගය ඇතිව තමයි චරිතයෙ සටන් කරගෙන ගියේ.

හේලි නාට්‍යයට අමතරව යෙදෙන කලා කටයුතු?

ටෙලි නිර්මාණ විකාශය වීමට නම් නැහැ. නමුත් සිරස නාළිකාවෙ විකාශය වන කොරියන් ටෙලි නාට්‍යයක පළමු වතාවට හඬ කැවීම් කරනවා. ‘මියැන් ජු’ නම් චරිතයට. ඊට අමතරව මගේම ස්ටුඩියෝවක් ආරම්භ කළා. ‘නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ’ නමින් එහි විවිධ නර්ථන ශෛලීන් යටතේ නර්තනය ඉගැන්වීම් සිදු කෙරෙනවා.

හඬකැවීම් කරනවා කියලත් කිව්වෙන? නෙහාරා විදෙස්ගත වීමට පෙර නිවේදිකාවක් විදියටත් වැඩ කළා. දැන් ඒවා නවත්තලාද?

මම කිසිම දෙයක් නවත්තලා නැහැ. ආරාධනා ලැබෙන විදියට සම්බන්ධ වෙනවා. ආරාධනා ලැබුණොත් යම්කිසි මුදලක් මම අය කරනවා. ඒ මුදල ලැබෙන්නෙ නැත්නම් මම සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන්නෙ නැහැ.

මේනක සහ නෙහරා එකට බොහෝ රංගනයන්හි යෙදුණා. නැවතත් දෙන්න එක්ව රංගනයක් දකින්න නැද්ද?

අපි දෙන්නා සම්බන්ධ වුණු චිත්‍රපටයක් එන්න තියෙනවා. ළමා චිත්‍රපටයක්, එහි රූගත කිරීම් අවසන්. නමුත් අපි එහි ආදරවන්තයින් ලෙස නෙමෙයි රංගනයේ යෙදෙන්නේ සැමියා සහ බිරිඳ ලෙසින්. මේ අප්‍රේල් මස තිරගතවීම නියමිතව තිබුණේ. නමුත් රටේ ඇතිවූ වයසනයත් එක්ක මොනවා වෙයිද කියන්න දන්නෙ නැහැ. ඉදිරියේදී බලමු.

කාර්යබහුල ජීවිතේට මේ දිනවල විවේකයක් ලැබිලා ඇති නේද?

ඔව්. ඇත්තටම ලොකු විවේකයක්. නමුත් ලොකු දුකක් තියෙනවා මුළු ලෝකෙටම අත්ව තිබෙන ඉරණම පිළිබඳව ඒත් ජීවිතේ කියන්නෙ මේ දේ තමයි.
අපිට කරන්න තියෙන්නෙ රටේ පුරවැසියෙක් විදියට රජයට සහය වීම පමණයි. ඇඳිරි නීතිය දාලා තියෙනවානම් නිවසේම රැඳෙන්න ඕනෑ. ඒ හැමදේම නිසි ලෙස ඉටු කරන්න ඕනෑ. මේ රෝගය පහව යනතුරු ඉතින් අපිත් නිවසේම රැඳිලා ඉන්නවා.

ඒ කියන්නෙ හොඳින් නිරෝධායනය වෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම

ඉතින් මොනවාද ගෙදරට වෙලා කරන්නේ?

අපි උදේ ඉඳන් චිත්‍රපටි බලනවා.  ෆෝන් එකේ ගේම් ගහනවා මමයි මේනකයි තරඟෙට කාඩ් සෙල්ලම් කරනවා. ඒවා තමයි ඉතින්.

කෑම හදන්නෙ එහෙම නැද්ද?

මගේ අම්මයි තාත්තයි ඉන්නෙත් අපිත් එක්ක. ඉතින් අම්මා තමයි මේ දවස්වල කෑම හදන ඒවා කරන්නෙ. වෙනත් දවස්වල කෑම හදන්න කෙනෙක් හිටිය. ඇඳිරිනීතිය නිසා දැන් එන්න වෙන්නෙ නැහැ. ඉතින් මම අම්මට කෑම හදන්න උදව් කරන එක කරනවා.

රටේ ඇතිවෙලා තියෙන මේ තත්ත්වය එක්ක ජිවිතේ කළ සැලසුම් අතපසු වෙලා ඇති?

මම ගොඩක්ම කාර්යබහුල වෙලා තිබුණෙ මගේ ඩාන්සින් ස්ටුඩියෝහි වැඩත් එක්ක. මම මේ වැඩකටයුත්ත ආරම්භ කළා විතරයි. දැන් ඒ දේ කරගෙන යන්න බැහැ. ඇඳිරි නීතිය ඉවත් කළත් බොහෝ දෙනෙක් පන්තිවලට සම්බන්ධ වෙන්න බයක් තියෙනවනෙ. පිරිසක් ගැවසෙන තැන්වලට එන්නෙ නැහැ. නමුත් පන්ති කෙරුණෙ නැහැ කියලා ඒ ස්ථානවලට ගෙවීම් නොකර ඉන්න බැහැනෙ. අයකිරීම් දෙන්න ඕනෑ. ඉතින් ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම ඉගැන්වීම් කටයුතු කරන්න ආචාර්යවරු කිහිපදෙනෙක් ඉන්නවා. දැන් මේ වෙද්දි ඒවා නැවතිලා තියෙනවා. ඉදිරියට කොයි විදියෙ බලපෑමක් සිදුවෙයිද දන්නෙ නැහැනෙ.

නැවත විදෙස්ගතවෙන්න අදහසක් නැද්ද?

නැහැ. නිවාඩුවකට වගේ ගිහින් එනවා. මේ හැමදේම යථා තත්ත්වයට පත්වුණාම නමුත් පදිංචියට යන්නෙ නැහැ.
කලා ක්ෂේත්‍රයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ නෙහාරා පිරිස් රංගනයට මද විරාමයක් ලබාදී තිබුණෙ විදෙස්ගතවීම නිසා.

ධනු විජේරත්න

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොරෝනා නීතිවලට අනුව හැඳුනු අලුත්ම අවන්හල මැයි 21 වනදා විවෘත වෙයි

Next Post

පළවෙනි ජුරාසික් චිත්‍රපටිය බලන්න මට එදා සල්ලි තිබ්බේ නැහැ, එත් අද මම ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා

Next Post
පළවෙනි ජුරාසික් චිත්‍රපටිය බලන්න මට එදා සල්ලි තිබ්බේ නැහැ, එත් අද මම ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා

පළවෙනි ජුරාසික් චිත්‍රපටිය බලන්න මට එදා සල්ලි තිබ්බේ නැහැ, එත් අද මම ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා

Hot Gossip

දකුණු ඉන්දියානු සිනමාවේ නැඟී එන තාරකාවිය

July 5, 2022

ජයග්‍රහණයට ලංකාවේ කවුරුත් උදව් කලේ නෑ

July 4, 2022

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

July 3, 2022

ත්‍රස්තයන්ට බයේ නිල් චිත්‍රපටවලට සමු දුන් මියා කලිෆා සමාජ මාධ්‍යයේ කාන්තාවන් වෙනුවෙන් දැමු සටහන

July 3, 2022

ලැබෙන සහන නිසා විවාහ වීමත් අඩු වෙලා

July 3, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.