Gossip

සනත් ICC දූෂණ විරෝධී ඒකකයට

හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඩුබායි වෙත ගොස් තිබෙන බවට වර්තා වෙනවා. ඔහු ගොස් ඇත්තේ නීතීඥයෙකු සමඟින් වන අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ICC තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදු කළ තරග පාවාදීම් පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලින් හෙළිවූ කරුණු නිසාවෙනුයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් මාධ්‍ය ඔස්සේ තරඟ පවාදීමක් සම්බන්ධව තොරතුරු හෙළිකළ අතර මෙම පරීක්ෂණ වලට මූලික කරුණ වූයේ එය බවටයි වාර්තා වන්නේ.

සනත් ජයසූරියට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග ක්‍රීඩකයන් දෙදෙනාගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා ලේකම් මොහාන්ද සිල්වා යන නිළධාරීන්ගෙන්ද ICC දූෂණ විරෝධී ඒකකය විසින් ප්‍රශ්න කරන බවට වාර්තා වන අතර මෙම පරීක්ෂණවලින් පසුව නුදුරේදීම මුදලට තරඟ පවාදුන් පිරිස් ඇතොත් ඔවුන් පිළිබඳව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නට ICC විසින් කටයුතු කරනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.