Gossip

පාකිස්තානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 21ක තියුණු ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138ක් රැස් කළ අතර සිය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 3කින් ඉදිරියෙන් සිටි පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හිමි වී තිබුණි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 114 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් රැස් කළ අතර කෞෂාල් සිල්වා ලකුණු 25ක් රැස් කළේය. රංගන හේරත් කඬුළු 6ක් ලබා ගනිමින් යළිත් වතාවක් පන්දුවෙන් දස්කම් පෑ අතර දිල්රුවන් පෙරේරා කඩුළු 3ක් හා සුරංග ලක්මාල් 1 කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහනය ලඟා කර දුන්නේය.

පාකිස්තාන කණ්ඩායමක් අබුඩාබි හි පැවැති ටෙස්ට් තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.