Gossip

උත්සවයකට පැමිණි හිටපු අමාත්‍යවරයා සංවිධායක මණ්ඩලයට හා හිටපු මුදල් ඇමතිට බැන වදීයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ නිල තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ මගින් ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යොවුන් පෙරමුණ දිස්ත්‍රික් බල මණ්ඩල සහ ක්‍රියාකාරී කමිටුව සවිබල ගැන්වීමේ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ පසුගිය මස අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලිනි. ඒ අනුව අද දින ගම්පහ දිස්ත්‍රික් යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී මණ්ඩලය පිහිටුවීමේ සහ සවිබල ගැන්වීමේ වැඩ සටහන අද දින දී ජා ඇල ගුරුගේ nature park නේචර් පාක් හිදි දීමට ජාතික යොවුන් පෙරමුණු සංවිධායක මණ්ඩලය මගින් කටයුතු යොදා තිබුණා
හුදෙක් ම මෙම වැඩසටහන සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙළ ගැස්සවීම සඳහා ජාතික යොවුන් පෙරමුණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ මෙහෙය වීම මත ජාඇල දී පැවැත්වීමට කටයුතු යෙදුණා ඒ අනුව සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් ආරාධනා කොට තිබෙන අතර හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාට ද ආරාධනා කොට තිබුණා

මෙහිදී න්‍යායපත්‍රානුකුලව සමස්ත වැඩසටහනේපිලිගැනීමේ කතාව, අරමුණ පැහැදිලි කර දීමේ කතාව , ආරාධිත දේශන තුනක් සහ අවසාන වශයෙන් ස්තුති කතාව යොදා තිබුණා.ස්තුති කතාව විනාඩි දෙකකට පමණ පෙර පැමිණි හිටපු අමාත්‍ය‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා එහිදී එම උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණින් කෝපාවිෂ්ට වී සංවිධායක මණ්ඩලයට සහ රවි කරුණානායක මැතිතුමා හට බැන වැදී තිබුණා.

එහිදී අමාත්‍යවරයා පිටව යන මොහොතේ දී සිදු වූ සිදුවීම ට විරෝධය පළකිරීම සඳහා ඝෝෂාකාරී පිරිස අතරමැදට පිවිසි රවී කරුණානායක සහ කාවින්ද ජයවර්ධන මැතිතුමන්ලා පිරිසට පවසා ඇත්තේ අපේ ශ්‍රේෂ්ඨ නායකයෙක් කිසිදු අයුරකින් එතුමාට අපහාස කරන්න එපා යනුවෙනි.

කෙසේ හෝ මෙවන් තත්ත්වයක් මත එක්සත් ජාතික පක්ෂය වෙත වර්තමානයේ වැඩි වැඩියෙන් තරුණ තරුණියන් ආකර්ෂණය වන අවධියක ජේෂ්ඨ හිටපු මන්ත්‍රිවරයෙකුගේ හැසිරීම කිසිසේත් අනුමත නොකළ හැකි බව වැඩි දෙනකුගේ මතය වී තිබිණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.