Gossip

මම සල්ලි පස්සේ දුවන කලාකාරයෙක් නෙමෙයි – දිමංක වෙල්ලාලගේ

දිමංක මේ දවස් වල මොනවද වැඩ කටයුතු?

සංගීත ප්‍රසංග කටයුතු කරගෙන මගේ studio එකත් හදාගෙන හෙමිට ගමනක් යනවා.

මේ වනවිට දිමංකගේ සින්දු කියක් විතර තියෙනවද?

මම ජනප්‍රිය වුන ගීතය තමයි නිදුකින් ඉනු මැන ගීතය .ඒ ගීතයට පෙර හා පසුව කල ගීතවල එකතුව විදියට බැලුවොත් දැනට සින්දු 15ක් විතර .

දිමංක කැමතිම ගායකයා කව්ද?

කිහිප දෙනෙක්ම ඉන්නවා, ඒ අතුරින් ගත්තම කසුන් කල්හාර, ආත්මා ලියනගේට තමයි විශේෂ කැමැත්තක් තියෙන්නේ.

ඔවුන් එක්ක සින්දුවක් කරන්න අසාවක් නැද්ද?

ලොකු අසාවක් තියෙනවා නමුත් ඒ දේට තාම මට අවස්ථාව ලැබුණේ නෑ.

ඔබ ගායකයෙක් නොවුනානම් මේ වනවිට මොනවා කරයිද?

විදේශ රටක රැකියාව කරන කෙනෙක් වෙන්න තිබුණා.

ඔබ එදා නාවික හමුදා සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා ඇවිත් දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

නාවික හමුදා සංගීත කණ්ඩායමේන් තමයි මම ලොකු පන්නරයක් ලැබුවේ, ඒ වගේම මම එයින් ඉවත් වී එලියට ඇවිත් මේ ඉන්න තැන ගැන හුගාක් සතුටු වෙනවා.

රසික රසිකාවියන්ගේ ආකර්ෂණය කොහොමද දැන්?

ඉස්සර වගේම තාමත් රසික රසිකාවියන්ගේ ආදරය, ආකර්ෂණය ඒ විදිහටම තාමත් මට තියෙනවා කිසිම වෙනසක් වෙලා නැහැ.

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සින්දුවක් කිව්වා කියලා ලොකු ප්‍රශනයක් ඇති වුනා නේද?

එතුමා අසනීප වුණාට පස්සේ උපහාරයක් විදිහටයි ඔහුට උදව් කරන්න කියන ඉල්ලීමත් සමඟම මම ‘විජිතය ආදරයේ’ සින්දුව කිව්වේ, සමහරු ඒක තේරුම් ගත්තා වැරදි මම ඔහු වෙනුවෙන් සංගීත ප්‍රසංග පවා පවත්වන්න කතා කරලා තියෙනවා ඒවා ඒ ප්‍රශ්න දාපු අය දන්නේ නෑ.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත රෝහල් ගතව සිටි අවස්ථාවේ ඔහුට දිමංකගේ හඩින් ගයනා කල විජිතය ආදරයේ සින්දුවේ රේකොඩින් එකක් අහන්න දුන්නේ එක දිමංකටම දිගටම කියන්න අවශ්‍ය නිසාද?

එහෙම දෙයකටනම් නෙමෙයි, මම ඔහුට ඒ රේකොඩින් එක අහන්න දුන්නේ ඒ අවස්ථාවේ ඔහු ගොඩක් සතුටු වෙයි කියලා හිතලා නමුත් වැරදි ආකල්පයක් තමයි නොදන්නා අය එලියට ගෙනාවේ.

දිමංකට ඒ අවස්ථාවේ නීතිමය පියවර ගන්නවා කියලා එතුමාගේ නැගනිය කිව්වා නේද?

මම කිව්වා එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් නඩු දාන්න කියලා මොකද මම මුදල් හම්බකිරීමේ චේතනාවකින් කරපු දෙයක් නොවන නිසා.

රසිකයින්ගේ ඉල්ලීමක් කලොත් ඉදිරියේදී ඔබ ඔහුගේ ගීත ගයන කරනවද?

රසිකයින් ඉල්ලීමක් කලොත් ගයනා කරනවා මිසක් මගේ මගේ ප්‍රසිද්ධ වුනු ගීත 05ක් විතර තියෙනවා ඒ ටික ගායනා කරනවා.

දිමංක ඉස්සරට වඩා දැන් සංගීත ප්‍රසංග වලට අය කරන මුදල වැඩියි කියලා සමහර අය චෝදනා කරනවා?

මම අය කරන මුදල වැඩිද කියලා සංගීත ප්‍රසංග සංවිධානය කරන අයගෙන් ඇහුවොත් කියයි, සංගීත ප්‍රසංග කරන්නේ තරුණ තරුණියන් ඒ අය අමාරුවෙන් සල්ලි හොයාගෙන අපිට තියෙන ආදරයට තමයි සින්දු කියන්න ආරාධනා කරන්නේ ඒ නිසා මම අය කරන්නේ සාමාන්‍ය සාධාරණ මුදලක්. මොකද මම සල්ලි පස්සේ දුවන කලාකාරයෙක් නෙමෙයි.

දිමංකයි තව ප්‍රසිද්ධ ගායකයෙකුයි ලගදි අනතුරකට ලක් වුනේ Hit වෙන්න කියලා සමහරු කියනවා ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් Hit වෙන්න වුනත් වාහනයක් අනතුරට ලක් කර ගනියි කියලා. ඒ වෙලාවේ අපි ටිකක් වේගයෙන් ආව නිසා ප්‍රධාන පාරට හැරෙන තැන හොයාගන්න බැරිවයි අනතුරට ලක්වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.