Entertainment

මම මගේ උපාධිය අභාරණයක් විදිහට තියාගෙන ඉන්නවා – තීක්ෂණ අනුරාධ

තීක්ෂණගේ මේ දවස්වල වැඩ කටයුතු මොනවද?

අලුතින් සින්දුවක් කරගෙන යනවා තව මාසයකින් විතර මගේ රසිකයින්ට අහන්න ලැබේවි.

super star  තිබුනේ නැත්නම් තීක්ෂණ අනුරාධ ගායකයෙක් විදිහට එලියට එන එකක් නැද්ද?

මම ගායකයෙක් නොවුනානම් අද මේ වෙනකොට වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කරයි. මොකද මම බට නලා වාදන ශිල්පියෙක්.

තීක්ෂණගේ සින්දු වලින් ආසම සින්දුව මොකක්ද?

මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ වලින් එකක් විදිහට ගත්තම ‘සඳ රේණු ගලන’ සින්දුවට තමයි මම වැඩිපුරම කැමති.

තීක්ෂණ උපාධියක් තියාගෙන ගායකයෙක් විදිහට කටයුතු කරන එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

පෙර පිනකට අපි කරන උපධියෙන්ම රැකියාවක් ලැබුනෝත් මිසක්  ලංකාවේදී රැකියාවක් ලැබෙනවා කියන දේ හරිම අඩුයි. ඒ නිසා මම මගේ උපාධිය අභාරණයක් විදිහට තියාගෙන ඉන්නවා.

ඉස්සර ගීත ජනප්‍රිය වුනේ Music Video වලින් නෙමෙයි, නමුත් අද වෙනකොට Music Video එකක් නැත්නම් සින්දුවක් Hit වෙන්නේ නෑ කියන මතයේද ඔබත් ඉන්නේ?

Video එක අනිවාර්යයෙන්ම වෙන්න ඕන, ගීතය කෙනෙක්ට video එකක් හරහා තමයි ග්‍රහණය කර ගන්න පුළුවන් වෙන්නේ.

සමහර ගායකයින් නිරුවත Market කරලා Music Video ජනප්‍රිය කරවන එක සාධාරණද?

නිරුවත Market වෙන්නේ නිරුවත හංගන රටකනේ, නමුත් හැමෝම නිරුවත  හොරෙන් බලනවනේ, ඒ වගේම අපි ඉපදුනෙත් නිරුවතින්මනම් ඇයි ඒ දේ හංගන්නේ.

තීක්ෂණ අනුරාධ ගායකයෙක් විදිහට මේ ආපු ගමන තුල කාගෙන් හරි බැනුම් අහලා නැද්ද?

සමහර ප්‍රවීණයන්ගෙන් 02%ක් විතර දෝෂාරෝපණය කළා මම super star වලින් ආපු ගායකයෙක් නිසා මේ ය අහසින් කඩා පහත වුනු අය වගෙයි කියලා.

Reality කලාව දැන් ලංකාවට ඇති කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ, ඒ තුලින් හුගාක් දක්ෂයන් බිහිවෙනවා, ඒ නිසා Reality කලාව නවතින්න දෙන්න හොද නැහැ.

තීක්ෂණ නළුවෙක් විදිහටත් නිර්මාණ වලට සම්බන්ධවනවා ඕන තරම් දැකල තියෙනවා, රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් හිතේ නැද්ද?

මම දැන් තාත්තා කෙනෙක් නිසා තාත්තා කෙනෙක්ගේ චරිතයකට කතා කලොත් යන්න ආසයි. මට ඒක හොදට කරන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා.

තීක්ෂණට චිත්‍රපටයකට රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා කියලා ආරංචියි..

ආරාධනාවක් නම් ලැබිලා තියෙනවා, මේ දවස් වල ඒ ගැන කතා කරගෙන යනවා.

තාත්තා කෙනෙක්  කියන හැගීම අනුව තීක්ෂණ කියන තාත්තා ගැන මොකද හිතෙන්නේ?

අපේ අම්මයි තාත්තයි මව හදන්න කොච්චර කට්ටක් කන්න ඇතිද කියලා හිතෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.