Gossip

සරසවි සිසුන් රැගත් බස් රථය පාරේ හරහා පෙරලුනු අයුරු (Video)

විනෝද චාරිකාවක් ගොස් පැමිණෙමින් සිටි ශ‍්‍රී ජයවර්ධනපුර සරසවි සිසුන් රැගත් බස් රථයක් 02දා රාත‍්‍රීයේ අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.

විනෝද චාරිකාවක් සඳහා ගොස් එමින් සිටි ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ දෙවන වසරේ සිසු සිසුවියන් පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබුණා. එදින රාත‍්‍රී 10 ට පමණ මේ අනතුර සිදුවුණේ නාවින්න මංසන්ධියේදී.

අතුරු මාර්ගයෙන් පැමිණි මෝටර් රථයක් එක් වරම මාර්ගයට ඇතුළු කිරීමත් සමග බස් රථය පාලනය කර ගත නොහැකිව පෙරළීගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

පෙරළී ගිය බස් රථයේ පැති වීදුරු හා පිටුපස වීදුරුව කඩා ප‍්‍රදේශවාසීන් විසින් බස් රථය තුළ සිටි සරසවි සිසු සිසුවියන් පිටතට ගෙන තිබෙනවා. තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කළුබෝවිල රෝහලටයි. 60 දෙනෙකු පමණ මෙලෙස කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි එහි ප‍්‍රකාශකයෙකු අප සමග පැවසුවේ.

වීඩියෝව පහතින්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.