Gossip

ගුවන් විදුලි යන්ත‍්‍රයක් පිපිරී 13 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබූ අයුරු (Video)

මාළඹේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අහුලාගත් ගුවන් විදුලි යන්ත‍්‍රයක් විදුලියට සම්බන්ධ කිරීමට යාමේදී එය පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීමෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මාළඹේ පිට්ටුගල නිවසක් ඉදිරිපිට ඇති වායු සමීකරණ අලූත්වැඩියා කරන ස්ථානයක් ආසන්නයේ තිබී 13 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන් විදුලි යන්ත‍්‍රයක් දැක තිබෙනවා. එය නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී පුපුරා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් අදාල පාසල් සිසුවා තුවාල ලැබූ අතර ඔහු අනතුරුව රෝහල් ගත කෙරුණා.

ශරීරයේ පිළිස්සුම් තුවාල සිදුවූ මෙම සිසුවා පළමුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයටත් පසුව කොළඹ අක්ෂි රෝහලටත් මාරුකර යවා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි ති‍්‍රමාණ විජේසේකර නැමති බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක සිසුවෙක්. පාසල් නිවාඩු සමය හේතුවෙන් මාළඹේ පිහිටි සිය මිත්තණියගේ නිවසට අදාල සිසුවා පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලධී අනාවරණය වී තිබෙනවා.

මෙම පිපිරීමෙන් නිවසේ උපකරණ කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ මෙය අටවන ලද බෝම්බයක් බවට සැක කරන බවයි. මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා කැඳවා අද දිනයේදී තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය ප‍්‍රකාශ කලේ. නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අනුයුක්තව අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ද අද උදෑසන පැමිණ පරීක්ෂණ සිදුකල බවයි අප වාර්තාකරු පැවසුවේ.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.