gossip_bulletin

දකුණු පළාත් සභාව උණුසුම්, මන්ත්‍රීවරයෙක් සෙංකෝලයත් රැගෙන දුවයි (Video)

20 වන ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා ගැනීම සදහා පැවැති ඡන්ද විමසීම දකුණු පළාත් සභාවේ දී පරාජයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු ඡුන්ද විමසන අවස්ථාවේ සභා ගැබෙන් පිටව ගිය අතර, ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන සන්ධාන මන්ත‍්‍රීවරුන් 27 දෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන්නා.

අද දකුණු පළාත් සභාවේ විශේෂ සභා රැස්වීමක් අද පෙරවරුවේ කැදවා තිබුණා. ඒ එකම දිනයක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දකුණු පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීම සදහායි. එහෙත් සභාව ආරම්භයේදී සභාපතිවරයා සදහන් කර සිටියේ මේ ස`දහා වන ඡුන්ද විමසීම ලබන සභා වාරය තෙක් කල් දමන ලෙස ආණ්ඩුකාරවරයා දන්වා ඇති බවයි.

ඊට එක්සත් ජාතික පක්ෂය හා දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුලූ පිරිසක් කැමැත්ත පළ කළත් ඒකාබද්ධ විපක්ෂය් මන්ත‍්‍රීවරුන් ඊට විරෝධය පළ කළා. ඒත් සමග සභාවේ ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්. එම අවස්ථාවේ සභාව විනාඩි 15කට කල් දැමීමට සභාපතිවරයාට සිදු වුණා.

කෙසේ වෙතත් නැවත රැස් වූ අවස්ථාවේ සභාපතිවරයා සදහන් කර සිටියේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළාත් සභාවේ කැමැත්ත පළ කරන ඡුන්ද විමසීම අද පැවැත්වෙන බවයි.

ඊට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු විරෝධය පළ කළ අතර, මන්ත‍්‍රීවරයා සෙංකෝලය රැගෙන පලා යන ආකාරය දක්නට ලැබුණා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීීවරු ඊට එරෙහි වීමත් සමග පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.එම අවස්ථාවේ මන්ත‍්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දකුණු පළාත් සභා සභාපති කේ.ඒ.සෝමවංශ මහතා ඉදිරියේ ඡුන්ද විමසීම සිදු වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු 27 දෙනා යෝජනාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළා.

ඒ අනුව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය පළ කිරීමට දකුණු පළාත් සභාවට ගෙන ආ යෝජනාව ඡුන්ද 27 කින් පරාජයෙ පත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.