Gossip

මහින්ද ඉදිරියේදී රොෂාන් ප්‍රනාන්දු හරීන් අනාගතයේදී රටේ නායකත්වයට සුදුසුයි කියයි

දිවයිනේ ප්‍රවීණ ප්‍රාසාංගික සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුගේ ගයන දිවියට වසර 15 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ “පූජනීයයි ආදරේ” ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (27) පැවැත්වුණා.

ඒ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.

රොෂාන් ප්‍රනාන්දු කියා සිටියේ ඔහු වඩාත්ම ගරු කරන සහ ආදරේ කරන දේශපාලකයින් දෙදෙනා මහින්ද සහ හරීන් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යනු රටේ අනාගත නායකත්වයට සුදුසු තරුණ ජවයෙන් යුත් නායකයෙකු බැවින් ඔහු ට වඩාත් ගරු කරන බවත් ය. මේ අවස්තාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිටීම විශේෂත්වයකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.