Gossip

ලක්ෂ 12ක් පමණ වටිනා රත්‍රං රාජ සන්තකයි

සෞදි අරාබියේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රත්‍රං ග්‍රෑම් 225ක් කටුනායක ගුවන්තොටුපල රේගු බාරයට ගෙන තිබේ.

27 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ සැකකරු සිය බෑගයේ සුක්ෂම ලෙස මෙම රත්‍රං තැන්පත් කර ගෙනවිත් තිබේ. ඊයේ (21) සවස 4.00 ට සෞදි අරාබියේ සිට SM 780 ගුවන් යානයෙන් පැමිණි සැකකරුවෙකු ගුවන් තොටුපලේ දී මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වු අතර අද (22) උදෑසන රුපියල් ලක්ෂයක් වු දඩ මුදලක් මත සැකකරු නිදහස් කර තිබේ.

අදාළ රත්‍රං රාජ සන්තක කළ බව ද රේගු මාධ්‍ය අංශය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.