Gossip

ගොපලු පැලෙන් මහා අධිරාජ්‍යයක අභීත ස්ථම්භය ‘චන්ද්‍ර නන්දනී’ ස්වර්ණවාහිනියෙන්

සොඳුරු ප්‍රේමයේ කාව්‍ය සතුරු ලේ මතින් ගොඩ නැගු මහා අධිරාජ්‍යයයෙකුගේ ජිවිත කතාව අඟහරුවාදා සිට රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනිය තුලින් ‘චන්ද්‍ර නන්දනී’

”චණ්ඩාශෝක අධිරාජ්‍යයා මහා යුධප්‍රයාන අත්හැර ධර්මවිජය ප්‍රතිපත්තියට පිළින දී ධර්මාශෝක නමින් අභිෂේක ලබන්නේ, ඔහුගේ මුත්තනුවන් වූ ශ්‍රී චන්ද්‍රගුප්ත මෞර්ය සිය අප්‍රතිහත ධෛර්ය හා යුධ කමය මතින් ගොඩ නාගා ඔහුට දායාද කල මහා මෞර්ය අධිරාජ්‍යයේ ආලෝකවත් විභූතිය තුලය.

ධර්මාශෝකයන් මෙලොව එළිය දැකීමටත් පෙර, මහා භාරතයේ සීමා මායිම් පුළුල් කරමින් මෞර්ය අධිරාජ්‍යය මිහිමත ස්ථාපිත කරනු ලැබුයේ, යුද්ධයේදී මෙන්ම ආදරයෙදීද මහා අධිරාජ්‍යයෙකුගේ ලකුණු පළකල චන්ද්‍රගුප්තයන් විසිනි.

ක්‍රි.පු තුන්සිය විස්සේදී පමණ ඔහු උපත ලබන විටත්, චන්ද්‍රගුප්තයන්ගේ පිය රජ වූ සුර්ය ගුප්තයන් ඝාතනයට ලක්වී තිබිණි. මව් කුස සිටියදී රාජ කුමරෙකු වූ ඔහු ඉපැදෙන්නේ කාත් කව්රුවත් නැති අසරණ අනාතයෙකු ලෙසිනි.

කුඩා චන්ද්‍රගුප්ත තම පියාණන් ලෙස සැලකුවේ ගැමි එඩේරෙකුටය. එහෙත් ඉරණම ඔහුව ගෙනගියේ මහා අධිරාජ්‍යකට උපත දෙන ජාතියක් විසින් පියාණන් ලෙස අමතන අනාගතයකටය.

තමන්ට අහිමි කරන ලද රාජ සම්පත් නැවත දිනාගැනීමෙන් හා පිළිගැනීමෙන් නොනවතින චන්ද්‍රගුප්ත නවතින්නේ මහා මෞර්ය අධිරාජ්‍යය ගොඩනැගිමෙනි.

තම පිතෘ ඝාතක නන්ද රජුගේ සටන්කාමි දියණිය නන්දනී කුමරියගේ ප්‍රේමය තනිව සටන් කොට දින ගන්නට සංවිධිත යුධ හමුදා බලයෙන් ලෝකය දිනා ගන්නට චන්ද්‍රගුප්තයන්ගේ අරගලය විටෙක කඳුලින්ද, තවත් විටෙක මහා ආදරයකින්ද පිරුණු ඉතිහාසයකි.

”චාන්ද්‍ර නන්දනී” යනු මේ මහා මෞර්ය අධිරාජ්‍යයේ උපත පිළිබද කතාව පමණක් නොව. එඩේර රැකියාවකින් උරුමවූ කුඩා මිනිසෙකු තම පියා මැරූ පළියද ගනිමින්, තම සතුරාගේ දියණියගේ ආදරයටද හිමිකම් කියමින්,ප්‍රේමයේද යුද්ධයේද බලය මිහිමත මෙහෙයවමින් මහා අධිරාජ්‍යයෙක් ගොඩනැගු ඉතිහාස කතාවයි.”

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.