Gossip

මට ලක්ෂ පහක් වියදම් වුණා – රොමේෂ් සුගතපාල

රොමේෂ් සුගතපාල මේ දවස්වල කාර්යබහුල වෙලා කියලා ආරංචියි?

ඔව්, මම වෙනස්ම ආකාරයෙන් කරපු ‘මන්දාකිනි’ සිංදුවත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ ඒ සිංදුවේ ප්‍රචාරණ කටයුතු නිසා.

”මන්දාකිනි” ගීතයට තියෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාමත්ම හොද ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම සුබ පැතුම් තමයි හුගාක්ම ලැබෙන්නේ.

නිරුවත පෙන්නන් රැල්ලට music video හදන කාලෙක රොමේෂ් වෙනස්ම ආකාරයක music video එකක් ”මන්දාකිනි” සිංදුව හරහා රසිකයින්ට ලබා දෙන්න හිතුවේ ඇයි?

මම කරන්නම් වාලේ සිංදු නිර්මාණ කරන කෙනෙක් නෙමෙයි, හොද දෙයක් කරලා එලියට දානවා මිසක් Views ගන්න බලාගෙන කව්රුවත් වගේ නිර්මාණ කරන්නේ නැති නිසා.
මන්දාකිනි සිංදුවට කියක් විතර වියදම් වුනාද?

හොද විදිහේ නිර්මාණයක් නිසා සිංදුව සම්පුර්ණ කරන්න මට ලක්ෂ පහක් වියදම් වුණා.

මන්දාකිනි සිංදුවට කව්රුත් බැන්නේ එහෙම නැද්ද?

Facebook එක හරහා දෙන්නෙක් විතර බැනලා තිබුණා.කිසිම පධනමක් නැතුවයි ඒ අය චෝදනා කරලා තිබුණේ.ඒක බොහොම සුළු දෙයක්.

ලක්ෂාන් එක්ක තිබුණු මිතුදමට මොකද වුනේ?

අපේ මිතුරුකම තාමත් තියෙනවා, ලක්ෂාන් මගේ සින්දුව ගැනත් හොද කියලා Facebook හරහා මට Comment එකකුත් දාලා තිබුණා.

රොමේෂ් – ලක්ෂාන් නමින් ඉදිරියට යන්න කල්පනාවක් නැද්ද?

රොමේෂ් සුගතපාල කියන චරිතයට ආදරය කරන රසිකයින් පිරිසක් ඉන්නවා ඒ නිසා මට වෙනම ගමනක් යන්න ඕන නෑ, මේ යන විදිහ හොදයි.

Reality වැඩසටහන් වල විනිශ්‍යය මණ්ඩලයකට ඔබ සුදුසු ද? ඇයි ඒ?

මම හිතනවා මාව සුදුසු නිසා තමයි විනිශ්‍යය මණ්ඩලයකට ආරාධනා කරන්නේ කියලා, නමුත් ජනතා මතය මොකක්ද කියන්න දන්නේ නැහැ.

අපි දැක්කා රොමේෂ් පහු ගිය දවස් වල සහභාගී වුණු Reality වැඩසටහනක හොදින් රංගන කටයුතු කරනවා, රගපාන්න යන්න අදහසක් නැද්ද?

ඒ වැඩසටහනේ කණ්ඩායමක් වශයෙන් ලකුණු ගන්න අවශ්‍ය නිසා තමයි මම කැපවෙලා රගපෑවේ,

රගපාන්න ආරාධනා එහෙම ලැබෙන්නේ නැද්ද?

ආරාධනා නම් ලැබිලා නෑ තාම, කොහොමත් මම ගායන ශිල්පියෙක් විදිහට ඉස්සරහට යනවා මිසක් රගපාන්න අදහසක් නෑ.

සමහර සංගීත ප්‍රසංග වලට ගිහිල්ලා රෑ වෙලා ගෙදර යද්දී බිරිඳගේ ප්‍රතිචාර මොනවගේද?

අවුරුදු ගානක් තිස්සේ ඒ ක්‍රමය දන්න නිසා සංගීත කටයුතු වෙනුවෙන් එයා මට ගොඩක් උදව් කරනවා.

සමහරු කියනවා රොමේෂ් සංගීත ක්ෂේස්ත්‍රයට ආවේ ඉරාජ් නිසා කියලා, මොකක්ද මේ කතාවේ සත්‍යතාවය?

මගේ පළවෙනි සින්දුව ‘වසන්තේ’ එද්දී මට ඉරාජ් උදව් කළා එක මට තාම මතකයි. නමුත් රොමේෂ් සුගතපාල කියන සම්පුර්ණ චරිතය හදාගත්තේ ‘දිගු දෑස’ සින්දුවත් එක්ක.

රෝමෙෂ්ගේ ඉදිරි වැඩ මොනවද?

ලගදීම තවත් අලුත් සින්දුවක් එන්න තියෙනවා මේ දවස් වල ඒ සින්දුවේ වැඩ ටික කරගෙන යනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.