Gossip

හොඳ කෙනෙක් තාම ලැබුණේ නෑ -තාරුකා වන්නිආරච්චි

මේ දවස්වල තාරුකා කාර්යබහුල වෙලාද?

ටිකක් විතර කාර්ය බහුලයි. අලුත් ටෙලි නාට්‍යයක මේ දවස්වල වැඩ කරන නිසා.

තාරුකා එක කාලයක අඩුවෙන් ටෙලි තිරයේ පේන්න ඉද්දී තවත් කාලයක වැඩිපුර ටෙලි තිරයේ දකින්න ලැබෙනවා. එහෙම වෙන්නේ කාලෙන් කාලෙට වැඩ අඩුවැඩි වෙන නිසාද?

ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි. මම දිගටම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. එක කාලයක් ගොඩක් අය මටත් කිව්වා ඔයා හැම නාළිකාවෙම පේන්න ඉන්නවානේ කියලා. රූගත කරන සමහර නාට්‍ය එක දිගට විකාශය වෙනකොට තමයි මාව නිතරම දකින්නේ.

තාරුකාට නම් වැඩවල අඩුවක් නැහැ වගේ?

මට ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳන් වැඩ ලැබුණා. මට වැඩවල නම් අඩුවක් දැනිලා නැහැ.

තාරුකාට වැඩ ලැබෙන්නේ විශේෂ හැඳුනුම්කම් නිසාද?

මට නම් එහෙම විශේෂ හැඳුනුම්කම් නැහැ. කලාකරුවන්ව වුණත් මම එහෙම ලොකුවට ආශ්‍රය කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ වැරැද්දක් නිසා නෙමෙයි. මට ඔවුන්ව සමීපව ඇසුරු කරන්න වෙලාව අඩු නිසා. මට නම් වැඩ ලැබෙන්නේ කවුරුත් එක්ක විශේෂ සම්බන්ධකම් තියාගෙන නෙමෙයි.

දැන් තාරුකාට සිනමාවටත් අවස්ථා ජයයි නේද?

ඔව්. සිනමාවටත් අවස්ථා ලැබෙමින් පවතිනවා. එක චිත්‍රපටයක් ඉවර කළා තව චිත්‍රපටයකට ආරාධනා ලැබිලත් තියෙනවා.

දැන් තාරුකාගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති?

අපේ ගෙදරින් නම් දැන් මාව බන්දලා දෙන්න ඕන කියන තීරණේ අරගෙන කෙනෙක් හොයනවා. හොඳ කෙනෙක් තාම ලැබුණේ නම් නෑ.

හැබැයි තාරුකාට ප්‍රේම ආරාධනා නැතුව නෙමෙයිනේ?

ප්‍රේම ආරාධනා නම් ලැබෙනවා. හැබැයි ඒවට මම ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි. ඒකට මම බයයි වගේම ලැජ්ජයි. හොඳ කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.