Gossip

එක දවසට දුරකථන ඇමතුම් දහසකට වැඩිය ආවා – රිතු ආකර්ෂා

රිතූ මේ දවස්‌වල කාර්යබහුලද?

ටිකක්‌ විතර කාර්යබහුලයි. මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මේ වෙනකම් වැඩ තියෙනවා. මට වැඩ නැතිවෙලා නැහැ.

ඔබ නවකයන් එක්‌ක තරහාද?

අයියෝ නැහැ. මම නිරූපණය සහ රංගන කියන දෙකම කරලා තියෙනවා. මේක කලාවක්‌. මිනිස්‌සු ගොඩක්‌ ගොසිප්වලට හුරුවෙලා ඉන්නවා. මමත් ගොසිප්වලට හුරුවෙලා. උදේ නැගිට්‌ට ගමන් බලන්නේ ගොසිප් සයිට්‌ බලනවා. මට මොනවා හරි දෙයක්‌ කරලා ඇතිද කියලා.
රෑ නිදාගෙන උදේ නැගිටින්නේ හරි බයෙන්ලු නේද?

අනිවාර්යයෙන්ම. මොකද ගැහැණු ළමයෙක්‌ විදිහට අනිවාර්යයෙන්ම බයයි. අපි සාමාන්‍ය පවුල්වල ළමයි. අපිට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා. මිනිස්‌සු හිතාගෙන ඉන්නේ අපි වෙනම ලෝකයක ඉන්නවා කියලා. නැහැ අපිත් සාමාන්‍ය මිනිස්‌සු. දෙයක්‌ කරලා නම් බැණුම් ඇහැව්වාට කමක්‌ නැහැ. මොනවත් නොකර කතාන්දර අහන්න බැහැනේ.

රිතූගේ මියුසික්‌ වීඩියෝවක්‌ පසුගිය දවස්‌වල ගොඩක්‌ දුර ගියානේද?

මට ආදරය කරපු ගොඩක්‌ දෙනෙක්‌ කතා කරලා ඔය කතාව මගෙන් ඇහැව්වා. ඒක මම කරපු දෙයක්‌ නෙමෙයි. මට අදාළ නෑ. නමුත් මනුස්‌සයෙක්‌ ජීවත්වෙලා ඉන්නැද්දී මනුස්‌සයෙක්‌ව මරන්න බැහැ. හරි කැත විදිහට තමයි ඒ ගොසිප් එක ගිහිං තිබුණේ. මේ වගේ දේවල් පළවුණහම ප්‍රේක්‍ෂකයෝ හිතනවා අපි මේ දේවල් කරනවා කියලා. අන්තිමේ අපිව ගණන් ගන්නේ නැහැ.

ඒ ගැන රිතූ කලකිරිලාද ඉන්නේ?

මියුසික්‌ වීඩියෝ එක ඉතාමත් හොඳ වීඩියෝ එකක්‌. දිමංකගේ මේ මියුසික්‌ වීඩියෝවට සම්බන්ධවුණේ සමාජයට ලොකු පණිවුඩයක්‌ දෙන නිසා. දැන් තියෙන අඩනිරුවත් මියුසික්‌ වීඩියෝ කලාවට වෙනස්‌ කරලා ඊට වඩා දෙයක්‌ කරන්න ඕනෑ කියලා හිතුණ නිසයි. අද කාලේ ගැහැණු ළමයෙකුගේ නිරුවතක්‌ නැතිව මියුසික්‌ වීඩියෝවක්‌ හිට්‌කරගන්න බැරිවෙලා තියෙනවා. නමුත් මේ මියුසික්‌ වීඩියෝව හොඳ නිර්මාණයක්‌.

ඒ වුණාට අන්තිමේ ඔබ මියගියා කියලා අන්තර්ජාලයේ පුවත් පළවුණ එක ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ටිකක්‌ බයවුණා. ගොඩක්‌ දෙනෙක්‌ ඒ කතාව විශ්වාස කළේ නැහැ. හැබැයි ඩෙංගු හින්දා සමහරු විශ්වාස කළා. මටත් බයහිතුණා. මටත් එක දවසට දුරකථන ඇමතුම් දහසකට වැඩිය ආවා. මුහුණුපොතේ ගොඩක්‌ දෙනෙක්‌ නිවන් සැප ලැබේවා රිතු කියලා දාලත් තිබුණා. ඒක චුට්‌ටක්‌ බයහිතෙන වැඩක්‌. සමහර වෙලාවට හිතුණා ඇත්තටම මම මැරුණා නම් මේ වගේ තියේවි කියලා. සමහරු අඬාගෙන කතාකළා. තවත් සමහරු බයවෙලා කතා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.