Gossip

කටුනායකට ආ ලෝකයේ විශාලතම මගී ගුවන් යානය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය නවීකරණය කොට යළි විවෘත කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඊයේ සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබුණා.

මෙම යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙසින් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වූ නියමු උදය තිලකරත්න වන අතර ඔහුගේ සහායක නියමුව ලෙසින් කටයුතු කර ඇත්තේ අල් මිහාරි නම් නියමුවා බවයි දැනගන්නට ලැබෙන්නේ.

ලොව විශාලතම ගුවන් යානය වූ මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.