Gossip

කකුල අප්සෙට් වුණාට මම music නම් අතහරින්නෙ නැහැ – උමාරියා සිංහවංශ

උමාරියා මොනවාද අලුත් වැඩ?

මම කරපු ලස්සන නිර්මාණයක් තියෙනවා. මම ඒකට ඉක්මනටම වීඩියෝ එකක් කරලා ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. ඉස්සරහට හැමෝටම ඒක බලා ගන්න පුළුවන්. තව හුඟාක් දේවල් සැලසුම් කරගෙන ඉන්නවා. ඒවා කියනවාට වඩා කරලා පෙන්වන එක හොඳයි.

උමාරියා අසනීපයෙන් කියලා ආරංචියි?

ඇත්තටම මගේ දණහිසේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරු කිව්වේ මාස හයක් විතර යනකම් වැඩිය ව්‍යායාම කරන්න එපා කියලා.

උමාරියාට ඇවිද ගන්නත් බෑ කියලා සමහරු ප්‍රචාරයක් යැව්වා නේද?

දණ හිස ඇතුළේ පොඩි තැල්මක් වෙලා තියෙන්නේ. හුඟාක් අය බොරු ප්‍රචාර යවලා තිබුණා මට හුඟාක් අමාරුයි මාස හයක් යනකම් ඇවිදින්න බැහැ කියලා. නමුත් මට හොඳට ඇවිදින්න පුළුවන්.

දුවලා පැනලා වැඩ කරපු කෙනාට, වෛද්‍යවරු කියනවා වගේ ඔහොම ඇක්ටිව් නොවී ඉන්න පුළුවන්ද?

ඒක ටිකක් අමාරු වැඩක්. මම පසුගිය දවස්වල තිබුණු event වලදි අමාරුවක් නැති කකුලෙන් උඩ පැන පැන ඉදිරිපත් කිරීම් කළා.

දැන් ඔබ වෛද්‍යවරු කියන විදියට මාස ගණන් රෙස්ට් කරද්දී ප්‍රේෂ්කයන්ට අලුත් දෙයක් දෙන එක මඟහැරෙයිද?

නැහැ. මොකද music කියන්නේ මගේ ෆැෂන් එක. කකුල අප්සෙට් වුණාට මම music නම් අතහරින්නෙ නැහැ.

මෙහෙම වුණේ උමාරියාට ඇස්වහක්වත් වැදිලාද?

මම හිතන්නේ ඇත්තටම මේක වෙලා තියෙන්නේ මම හිටපු එක්තරා Reality වැඩසටහනක වේදිකාවේදී. අපි දරුණු විදියේ ඉහළට පැනීම් ටිකක් කළා. ඒ වෙලාවේදී මගෙ දණහිස කොහේ හරි වැදිලා මමවත් දන්නෙ නැහැ. ඒත් ඒ දවස්වල ඉඳන්ම කකුල රිදෙන එක ටිකක් තිබ්බා.

උමාරියා රසිකයන් අතරට නිර්මාණයක් ගේන්න කල් ගන්නේ ඇයි?

මම හිතන්නෙ කාර්යබහුලත්වය වැඩි නිසා. මම හුඟාක් performanceවලට යනවා.

ප්‍රසංග වේදිකාවට නඟින්නෙ තෝරා බේරා ගෙනද?

එහෙම ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. මට හරියනවා නම් මම කරනවා.

උමාරියා ගායනයට වගේම රංගනයටත් දක්ෂයි කියලා බොහෝ අය කියනවා. ඒ නිසා රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

අනේ නැහැ. ආරාධනා නම් හුඟාක් ආවා. ඒත් මගේ ෆැෂන් එක මියුසික්. ඉතින් මම හැමදාමත් මුල් තැන දෙන්නේ මියුසික්වලට.

උමාරියා දෙයක් කළොත් ගොඩක් කතාබහට ලක් වෙනවා. මොකක්ද ඒකට හේතුව?

අනේ මන්දා. මටත් ඒක නම් තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මම දෙයක් කළොත් කරන්නේ ලොකු විශ්වාසයක් තියාගෙන. ඒ නිසා මම කරන දේ සාර්ථක වෙනවා ඇති.

උමාරියාව අගයන අය වගේම විවේචනය කරන අයත් ඉන්නවානේ. ප්‍රශංසා වගේම විවේචනත් උමාරියාට දරාගන්න පුළුවන්ද?

ඔව්. ඕනෑම ක්ෂේත්‍රයක එහෙම අය ඉන්න ඕන. එයාලා කියන දේ අපි අහන්න ඕන. මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. අපිට බොරුවට බනින අය කියන දේවල් නම් මම අයින් කරලා දානවා. ඒවා ගණන් ගන්නේ නැතුව අතහැරලා දාන්න ඕන. අපේ හොඳට කියන දෙයක් නම් මම අහනවා.

ඔබ ප්‍රවීණයන්ව අභිබවා ගිහින් කියලා සමහරු කියනවා. ඔබටත් එහෙම හිතෙනවාද?

අනේ නැහැ. අපි කාටවත් ප්‍රවීණයන්ව අභිබවා යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ. අපි මේ තැන ඉන්නෙත් එයාලා නිසා. අනෙක එයාලා අපිට තැනක් හදලා දීලා තියෙනවා. මම නම් ඒ මතේට එකඟ වෙන්නෙ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.