Gossip

දුර ගමන් බස් වලට වැඩි මිලට ආහාර විකුණු කඩයක්

දුර ගමන් යන බස් රථ තේ බොන්න නවත්වපු කඩයක වැඩි මිලට ආහාර,පාන විකුණු අවස්ථාවේ එහි සිටි තරුණයෙකු විසින් කඩ හිමියා සමඟ ඇති වූ කතා බහේ   වීඩියෝව හා සිදු වූ සිද්ධිය පිළිබඳව  තම ෆේස්බුක් පිටුවේ සඳහන් කළ හැටි

දිනය 2017.08.05
වේලාව මධ්‍යම රාත්‍රී 12 ට පමණ.
ස්ථානය මැදවච්චිය ඉකිරිගොල්ලෑව වසීම් හෝටලය.
දිගු නිවාඩුව ගත්කිරීමට යාපනය කොළඹ අංක 57 බස් රථයේ පැමිණියේ මමත් තවත් මිතුරෙකුත් සමගය. තේ බීමට කියා නැවැත්තුවේ මැදවච්චිය ,ඉකිරිගොල්ලෑවේය. එහි තිබූ වසීම් හෝටලයට අප දෙදනා ගියත් පෙර අත්දැකීම් නිසා එම කඩයෙන් කිසිවක් අහාරයට ගැනීමට තීරණය කලේ ඔවුන්ගේ අපිරිසිදු කෑම කා බඩේඅමාරුව හදාගන්නට නොහැකි නිසාය. එම නිසා අප දෙදනා උපරිම සිල්ලර මිල රු. 40/= ක් වන sprite හා ole buddy දෙකක් ගත් අතර රුපියල් 100ක් මුදලාලිට දුන් පසු ඔහු කිව්වේ ගාන හරි බවය( ඉතුරු රු. 20 ඉල්ලුවේ නැතිකමකට නොව අසාධාරණයට විරුද්ධ්ව කතා කිරීමට අවශ්‍ය නිසාය) කීප විටක් විමසූ විට ඔහු තර්ජනය කරන්නට ගත් අතර පසුව මම ජංගම දුරකථනයෙන් සියල්ල වීඩියෝ කරගත්තේ සියල්ලන්ගේ දැනගැනීම සදහාය. ඉන් පසුව අපට වැඩිපුර මුදල් දී බීම බීමට අවශ්‍ය නොවන බව පවසා අප දෙදනා සල්ලිත් රැගෙන බසය වෙත ආවේ දැඩි තරහකිනි. එවිටම කඩයේ සිට පැමිණි අයෙක් මල්ලි මෙහාට වරෙන්කො යැයි පවසා තොට මොකද වෙන්න ඕනේ යැයි ඇසු අතර එවිටම එම කඩයේ සිට පැමිණි 5,6 දෙනෙක් අප දෙදෙනාව වටකරගෙන පහර දුන්හ. අවට සිට ලංකාවේ මිනිස්සු කිසිත් නොදන්නා සේ බලා සිටි අතර අප දෙදෙනා පුලුවන් ආකාරයෙන් ආරක්ෂා වීමු. පසුව අප දෙදෙනා බස් රථයට ගොඩ වූයේ දැඩි කලකිරීමකිණි. එවිටම 119 අමතා පැමිණිල්ල දුන් අතර පසුව බස් රථයේ සිටි අයගෙන් දෙතුන්දෙනෙක් අපගෙන් සිද්ධිය විමසා සිට අතර ඒ මොහොතේ අපේ සහයට සිටියේ ඔවුන් පමණි. මෙය කිසිත් එක් ජාතියකට හෝ ආගමකට එල්ල කරන්නක් නොවන අතර මෙය අනාගතයේ ඔබටද වීමට ඉඩ ඇති බව තරයේ සිහිපත් කරමි. ඒ නිසා සූදානම්ව සිටින්න.

වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.