Gossip

නළුවෙක් නම් අපෝ එපා – රිතු ආකර්ෂා

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා.

වැඩ ජයටම ලැබෙන්නේ රිතූගේ දක්ෂතාවටද ලැබීමටද?

ක්ෂේත්‍රයේ යම්කිසි තැනකට යන්න නම් දක්ෂකමයි, ලැබීමයි දෙකම තියෙන්න ඕන. මම හිතන්නේ මේ දෙකම මට තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ නිළියෝ වැහි වැහැලා. නිළියෝ වැඩි වෙද්දි රිතූට තරගකාරිත්වයක් දැනිලම නැද්ද?

මට හැමදාම තරගය තිබ්බේ මාත් එක්ක. මම මට ලැබෙන වැඩේ හරියට කළා. අනෙක් අය ගැන හිත හිත හිටියොත් මම කරන වැඩේ හරියට කෙරෙන්නේ නැතිවෙයි. ලැබෙන දේ හරියට කරන නිසා තමයි අධ්‍යක්ෂවරු මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ.

සමහරු නම් කියනවා නිළියන් තැන හදාගන්න අධ්‍යක්ෂවරු එක්ක විශේෂ හිතවත්කම් හදාගන්නවා කියලා. ඔය ක්‍රම රිතූ පාවිච්චි කරන්නේ නැද්ද.?

ප්‍රේක්ෂකයෝ ආදරය කරනකල් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. අනෙක් ක්‍රම පාවිච්චි කරන්න නම් මට වුවමනා නැහැ.

පසුගිය කාලේ රිතූගේ කියලා වීඩියෝ එකකුත් අන්තර්ජාලේ හරි හරියට සැරිසැරුවා නේද?

ඔව්. එහෙම එකක් ගියා. හැබැයි ඒක මගේ නෙවෙයි. අපේ නම් කැත කරන්න ඔය වගේ දේවල් කරන්නේ. ඒ වීඩියෝවේ හිටියේ ඉන්දියන් ගැහැනු ළමයෙක්.

රිතූට ක්ෂේත්‍රයේ ඇතුළේ කැපිලි නැද්ද?

ක්ෂේත්‍රයේ අයගෙන් නම් මට කවදාවත් කැපිලි ඇවිත් නැහැ. මම කා එක්කවත් තරහා අමනාපකම් වෙලා නැහැ. මොකද මම ක්ෂේත්‍රයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නෑ. ක්ෂේත්‍රයේ අය මම පෞද්ගලිකව ආශ්‍රය කරන්නේ නැති තරම්.

රිතූ පුංචි තිරයට විතරක් සීමා වෙන්නද අදහස?

මම අවස්ථා හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. අවස්ථා මං ළඟට එනකල් මම බලාගෙන හිටියා. හරි කාලෙදි මට හැමදේම ලැබුණා. සිනමාවේ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.

දැන් රිතුට ආදරවන්තයෙක් එහෙමත් ඇතිනේ?

ආදර සම්බන්ධයක් පටන් ගන්නවත් බෑනේ දැන් තියෙන ගොසිප් නිසා. දැන් එක නළුවෙක් එක්ක නාට්‍ය දෙකක රගපෑවත් ඒ නළුවා එක්ක යාළුයි කියලා ගොසිප් හදනවා. දැනට නම් මට ආදරවන්තයෙක් නෑ.

රිතූ කවදා හරි තෝරගන්න ආදරවන්තයා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද?

මගේ ආදරවන්තයා කවදා කොයි විදියට මුණගැහෙයිද දන්නේ නෑ. හැබැයි ඒ කෙනා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙන එකක් නැහැ. මොකද මම වෙන කෙනෙක් එක්ක මගේ ආදරවන්තයා රඟපානවා බලන්න කැමති නෑ. ඒ නිසා ජීවිතේට නළුවෙක්ට නම් මම ආදරේ කරන්නේ නෑ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.