Gossip

යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ පුද්ගලයා පොලීසියට බාර වේ

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබූ පුද්ගලයා අද යාපනය පොලීසියට භාර වී තිබෙනවා.

සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයෙකු වශයෙන් කටයුතු කර ඇතැයි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක් විසින් පවසා ඇත.

සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇත.

සැකකරු යාපනය නල්ලූර් ප්‍රදේශයේ උපන්නෙකු හෙයින් ඔහු විසින් පැදවූ ත්‍රී රෝද රථය නල්ලූර් ත්‍රී රෝද රථ හලට එක් කිරීම සඳහා අදාල වෙඩි තැබීම සිදු වූ දා සැකකරුගේ සොහොයුරා හා ඥාතියෙකු සමගින් බීමතින් පැමිණ ත්‍රී රෝද රථ ගාලේ සෙසු රියදුරන් සමග ඇති කරගත් ආරවුල දුර දිග යාමෙන් ඇති වූ තදබදයට මැදි වූ මහාධිකරණ විනිසුරුගේ රථය සහ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීමට ගොදුරු වී ඇත.

කෙසේ වෙතත් සැකකරු විසින් අදාල වෙඩි තැබීම සිදු කොට අසල සිටි කාන්තාවකගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති අතර සැකකරු යතුරු පැදියේ ගමන් කරන අයුරු මාර්ගයක සී.සීටී.වී කැමරාවකද සටහන් වී තිබෙනවා.

අදාළ යතුරුපැදිය යාපනය අරියාලෙයි ප්‍රදේශයේ මග දමා තිබියදී සොයාගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.