Gossip

චිත්‍රපට අධ්‍යක්ෂවරු 6දෙනෙක් මට ලිංගික යෝජනා ගෙනාවා – ශෂී ඇන්ජලීනා

ශෂි ඇංජලීනා ද වැඩිම Music Video ප්‍රමාණයක පෙනී හිටපු නිළිය?

මම මේ වෙද්දී ගීත රූප රචනා 151 රඟපාලා තියෙනවා. Music Video සම්බන්ධව කතා කරන අවස්ථාවල ලංකාවේ වැඩිම ගීත රූප රචනාවල රඟපෑ නිළිය කියලා තමයි මාව හඳුන්වන්නේ.

නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන ඇතුළත් Music Video වලට ශෂී දායක වෙලා තියෙනවාද?

මම කොටට අඳිනවා. Music Video වලටත් ඒ විදියට අඳිනවා. හැබැයි ඔය කියපු විදියේ දර්ශනවලට පෙනී ඉඳලාම නැහැ.

අද වෙද්දී සරාගී දර්ශන Music Video වලට ඇතුළත් කිරීම රැල්ලක් වෙලානේ?

බහුලව තියෙන්නේ ලිංගිකත්වය මතු කරන ඒවා. අදාළ කතාවට අනුව කලාත්මකව එය මතුකළාට වරදක් නැහැ.

ශෂී ගීත රූප රචනා සඳහාම බිහිවූ ශිල්පිනියක්ද?

නැහැ. මම නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. මේ වෙද්දී ටෙලි නාට්‍යය 4ක විතර රඟපාලා තියෙනවා. සිනමාව තුළ නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.

ඒ, ඔබට රගපෑමට අරාධනා අඩුවෙන් ලැබෙන නිසාද?

හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.

ඒ කිව්වේ?

මම රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලයි තියෙන්නේ මොකද ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙනාවා . ඒ හින්දයි මම ඒ අවස්ථා ප්‍රතික්‍ෂේප කළේ.

ඒ කියන්නේ නවක නිළියන්ට එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවාද ?

අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු 6 දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදියේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙළින්ම විරෝධය එල්ල කළා.තව කෙනෙක්ට බනින්නත් වුනා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.