Gossip

ජිවිතයක් නැති කර ලොරි රථය පලා යයි

අධික වේගයකින් ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. නාවලපිටිය – ගම්පොළ ප‍්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල්බෝක්කුව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණා. නාවලපිටිය සිට ගම්පොළ දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මරණයට පත් වුණා.

ඊයේ පෙරවරු 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඉදිරියෙන් ගිය ලංගම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය ලොරියේ ගැටී ඇති බවයි ඇසින් දුටුවන් පවසන්නේ. අනතුරින් පසුව ලොරි රථය පළාගොස් තිබෙනවා. මියගිය යතුරුපැදිකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පළාගිය ලොරි රථය සොයා නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.