Gossip

උතුරුමැද පළාත් සභාවේ සභා වාරයෙදී ඇති වූ ගැටුමෙන් සෙංකෝලය දෙකඩ වේ

ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් උතුරුමැද පළාත් සභාවේ සභා වාරය අද පස්වරු 1.30 දක්වා කල්දමා තිබෙනවා.ඒ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙලෙස සභා වාරය කල් දැමීමට සිදුවූ බවයි. එමෙන්ම මෙම ගැටුම අතරවාරයේදී සෙංකෝලය ද දෙකඩ කැඩි ඇත.

උතුරුමැද පළාත් සභාවේ මාසික සභා වාරය අද උදෑසන 10 ට ආරම්භ වුණා. ඒ සභාපති ටී.එම්.ආර් සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙහිදී පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීන් හා හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පැවසුවේ පසුගිය සභා වාරයේදී තමාට වතුර බෝතලයකින් විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් පහර දුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස සේමසිංහ මන්ත‍්‍රීවරයා, සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි ඊට පිළිතුරු ලබා දෙමින් සභාපතිවරයා පැවසුවේ. ඉන් අනතුරුව ද සේමසිංහ මන්ත‍්‍රීවරයා න්‍යාය පත‍්‍රයට ඉදිරිපත් කර ඇති සභාපතිවරයාට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ව්‍යවස්ථාවට පටහැණි බව ප‍්‍රකාශ කළ අතර ඊට සභාපතිවරයා ද එකගත්වය පළ කළා. ඒ සමගයි සභාවේ උණුසුම් තත්වය හට ගත්තේ.

අනතුරුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම උණුසුම්කාරී වාතාවරණය මැද්දේ දෙපිරිසම සෙංකෝලය ලබා ගැනීමට උත්සාහ ගත් අතර එහිදී සෙංකෝලය දෙකඩ වී තිබෙනවා. පසුව විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පළාත් සභාවේ සභාපතිවරයා සිය නිල කාමරය වෙත රැගෙන යාමට පියවර ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ දෙපිරිස අතර ගැටුම්කාරීතත්වයක් ඇති වුණා. පසුව විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු සභාපති පුටුවේ වාඩි වී සභාව අද දහවල් 1.30 දක්වා කල් තබන බව යෝජනා කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.