Gossip

ඒ දවස දැන්ම කියන්න බැහැ – මුතු තරංගා

මුතු ලඟදි අලුත් වැඩක් කළානේ?

ඔව්. අවුරුදු තුනකට විතර කලින් තමයි ‘ළං වුණා ළං වුණා’ කියන ගීතය කළේ. ඒත් වීඩියෝව කළේ ළඟදි. මගේ පළමුවැනි මියුසික් වීඩියෝව තමයි දැන් රිලීස් කරලා තියෙන්නේ.

ජනප්‍රිය නිළියක් නිසා මාධ්‍යවලින් උදවු ලැබෙනවාද?

ඔව්. චැනල්වලින් මට ගොඩක් උදවු කළා. මම කියපු ගමන්ම මට ගීතය එවන්න කිව්වා. සමහර චැනල්ස් ගීතය දුන්න දවසෙම Play කළා.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි. ගොඩක් අය අගය කරනවා. වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මුතු වැඩිපුර රංගනයෙන් පේන්නේ නැත්තෙ, මුල් තැන දීලා තියෙන්නේ ගායනයට නිසාද?

මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට ඒවා මඟහැරුණා. සමහර නාට්‍යවලට සම්බන්ධ නොවෙන්න මූල්‍යමය හේතුත් බලපෑවා. හොඳ චරිතයක් ලැබුණෙ නැහැ ළඟකදි. එහෙම ලැබුණා නම් මඟහරින්නෙත් නැහැ. සමහර පිටපත් කියවලා බලලා ප්‍රතික්ෂේප කරපු අවස්ථාත් තිබුණා.

මුතු වැඩිපුර කැමැති රංගනයටද? ගායනයටද?

දැන් නම් කැමැති ගායනයට.

ගායනයට කැමැති කියන්න හේතුව?

මෙහෙමයි. රංගනය මාස ගණන් කැපවෙලා කරන්න ඕන. ඒත් සමහර ඒවයේ සල්ලි ගන්න ගියාම ප්‍රශ්න වුණු අවස්ථා තියෙනවා. තවම සල්ලි නොලැබුණු නාට්‍යත් තියෙනවා. අනෙක මට හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන්ව සජීවීව මුණගැහෙන්න පුළුවන්. එයාලගෙ ප්‍රතිචාර විඳින්න මම ආසයි.

මුතූ වැඩිය ලංකාවේ නැත්තේ ඇයි?

මම ලංකාවේ නොහිටිනවා නෙවෙයි. නිතරම වගේ ෂෝවලට ගිහින් ලංකාවට එනවා.

අලුත් නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වුණේම නැද්ද?

අලුත් වැඩවලට සම්බන්ධ වුණේම නැහැ. මොකද මම කාර්යබහුල වෙලා හිටිය නිසා. ඒත් කලින් කරපු නාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා.

රිදී තිරය පැත්තට යන්න අදහසක් නැද්ද?

ආරාධනා ලැබිලා තියෙන්නේ. නමුත් තවම ස්ථිර කළේ නැහැ.

පෙම්වතාගෙන් මුතුට ලැබෙන සහය කොහොමද?

එයා තමයි මගේ පිටිපස්සෙන්ම ඉඳන් මට හුඟක් උදවු කරන්නෙ. වීඩියෝ එකටත් හුඟක් උදවු කළා. එයා ඉතින් මට එයා ලොකු හයියක්.

මේ අවුරුද්දෙවත් එකලාසයක් වෙන්නෙ නැද්ද?

මේ අවුරුද්දෙ බැරි වෙයි. ඒ දවස දැන්ම කියන්න බැහැ.

මොනවද ඉදිරි වැඩකටයුතු?

ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව ගීත දෙකක් කරලා තියෙනවා. මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණොත් ඒවත් ඉක්මනින් රසිකයන් අතරට ගේනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.