Gossip

බදුල්ල බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය පීලි පනී

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය හැටන් හා කොටගල දුම්රිය ස්ථාන දෙක ආසන්නයේදී පීලිපැනීමකට ලක්වී තිබෙනවා. අද අළුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි දිඹුල පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් දුම්රිය මැදිරි හතරකට දැඩි හානි සිදුවී තිබෙනවා. මෙලෙස හානි සිදුව ඇත්තේ දුම්රියේ පසුපස මැදිරි හතරකටයි. අනතුරෙන් අදාළ පාලමට ද දැඩි හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් පීලි පැනීමෙන් අනතුරුව ඉදිරි මැදිරි කිහිපයක සෙසු මගීන් නංවාගෙන බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනය කර තිබෙනවා. දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හැටන් හා කොටගල දක්වා සීමාවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.