Gossip

උමා ඔය බිලි ගත් ජිවිත තුන

උමා ඔයට ඊයේ ජීවිත තුනක් බිලිවුණා. එම අවාසනාවන්ත ඉරණමට ලක්වුණේ දියණියක්, මවක් සහ මිත්තණියක්. ගමේ ළිඳේ නාන්න වතුර නැති නිසා මේ අය උදෙන්ම ගඟට ගියා කියලයි අසල්වැසියන් කියන්නේ.

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය අසලින් ගලාබසින උමා ඔයට මවක් තම දියණිය හා මව සමග ගොස් ඇත්තේ දියනෑම සඳහායි. ඌව පරණගම මොරගොල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් පෙරවරු අටට පමණ උමා ඔයට ගොස් තිබෙනවා.

ඊට පැයකට පමණ පසුව උමා ඔයට දිය නෑම සඳහා ගිය තවත් කාන්තාවක් දැක ඇත්තේ ඔවුන් තිදෙනා දියේ ගිලී තිබෙන ආකාරයයි. ඇය ඒ පිළිබඳව අසල්වාසීන්ට දන්වා තිබුණා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි වැලිමඩ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සිදුකළා. ඉන් අනතුරුව දේහයන් පශ්චාත් මරණ පරීක්ෂන සදහා වැලිමඩ මූලික රෝහල වෙත යොමු කෙරුණා.

සිද්ධියෙන් මරණයට පත්වුණේ් ඌව පරණගම මොරගොල්ලවත්තේ පදිංචි 32 හැවිරිදි කේ.පුෂ්පාවතී සහ අවුරුදු දෙක හමාරක් වයසැති තංගරාජා ලෙනින් නැමති ඇගේ දියණියයි.

දියේ ගිලීමෙන් කේ. කරුපයියා නමැති 81 හැවිරිදි පුෂ්පාවතීගේ මවට ද ජීවිතය අහිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.