Gossip

සවුදි ගිය ලාංකිකයන් පිරිසක් අතුරුදන්

සවුදි අරාබියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ දැනට අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

තම ආර්ථික තත්ත්වයන් යහපත් කරගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් දිනපතාම පාහේ විදේශ ගතවනවා. එලෙස විදේශගත වන අයගෙන් වැඩි පිරිසක් යන්නේ මැද පෙරදිග රටවලටයි. මැද පෙරදිග රටවල දී ශ‍්‍රී ලාංකිකයන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බව දිනපතාම වාර්තා වනවා.

වැඩි වශයෙන්ම වාර්තාවන්නේ හාම්පුතුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන ගෘහ සේවිකාවන් ගැන. මේ වනවිට තත්ත්වය තවත් දරුණු වෙලා. මැද පෙරදිග දී අතුරුදන් වන අයත් වැඩිවෙලා. අපේ රටේ අය සවුදි අරාබියේ මේ වනවිට එක්ලක්ෂ 70,000 ක් විතර සේවය කරනවා. ඒ අයගෙන් 50 ත් 70 ක් අතර පිරිසක් අතුරුදන් වෙලා කියලා නවතම වාර්තා පෙන්වා දෙනවා.

මෙලෙස අතුරුදන්වී සිටින බව කියන පිරිස පිළිබඳව තම කාර්යාංශය සිදුකරන විමර්ශනය ගැන ද දේශප‍්‍රිය මහතා අප වෙත අදහස් පළකළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.