Gossip

මුලතිව් මුහුදේ අලි මෙහෙයුම

මුලතිව්, කෝකිලායි, කොක්කුතුඩුවායි මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාව ප‍්‍රකාශ කලේ කොක්කුතුඩුවායි සිට මුහුදු සැතපුම් 8 ක පමණ දුරකදී මෙම අලියා බේරා ගත් බවයි.

මුලතිව් කොක්කුතුඩුවායි මුහුදේ අලියෙකු ගසා ගෙන යන බවට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික නිළධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා.

මේ අතර මුර සංචාරයේ නිරතව සිටි නාවික හමුදාවේ ප‍්‍රහාරක යාත‍්‍රාවකට සැඩපහරට හසුවී ගිලෙමින් සිටි අලියෙකු නිරීක්ෂණය කර තිබෙනවා. වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක සහාය ලබා ගනිමින් අලියා බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කළා. මෙහෙයුම සඳහා තවත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක සහාය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කලේ අලියා බේරා ගැනීමේ කටයුත්ත අපහසු නිසයි.

නාවික හමුදාවට අයත් සෙඩි‍්‍රක් බෝට්ටු දෙකක් ද මෙම මෙහෙයුම සඳහා යොදා ගැනීමට සිදුවූ බව නාවික හමුදාව පවසනවා. පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව අලියා ආරක්ෂිතව බේරා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ නිළධාරීන් සමත් වුණා.

මෙලෙස බේරා ගත් වන අලියා වනජීවී නිළධාරීන් සමග එක්ව පුල්මුඬේ රක්ෂිත ප‍්‍රදේශයට මුදා හැරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.