Gossip

මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ පසුගිය තරඟාවලි පරාජය නිසාම නෙවෙයි – ඇන්ජෙලෝ මැතිව්ස්

තමන් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අද දින පැවති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියා. ඇන්ජලෝ පවසන්නේ මෙම තීරණය ඔහු ගනු ලැබුවේ මෙම තරඟාවලි පරාජය නිසාම නොවන බවත් මීට පෙරද ඔහු නායකත්වයෙන් ඉවත්වන්නට සිතුවත් එය නොකළ බවත් මේ වන විට එයට සුදසුම කාලය එළඹ ඇති බවත්ය.

ඔහු එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්

මේ ගත්තේ ලේසි තීරණයක් නෙවෙයි, ඒත් මම කියන්න ඕනි මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ පසුගිය තරඟාවලි පරාජය නිසාම නෙවෙයි, පසුගිය කාලයේ මම දක්වපු දුර්වලතා ගැන මම කණගාටු වෙනවා. මේ තරඟාවලියට පෙරත් මම නායකත්වයෙන් ඉවත්වෙන්න හිතපු අවස්ථා තිබුණා. නමුත් මගේ තැන ගන්න කෙනෙක් ඒ කාලේ ඉන්නවා කියලා මට හිතුණේ නෑ. ඒ නිසයි මෙච්චර දුරක් නායකත්වය කරගෙන එන්න මම හිතුවේ. නමුත් මට දැන් හිතෙනවා නායකත්වයෙන් ඉවත්වෙන්න කාලේ හරි කියලා.

ඒ නිසයි මේ තීරණය මම ගත්තේ. මම හිතෙනවා මගෙන් පස්සේ එන නායකයෝ කණ්ඩායම ජයග්‍රහණ කරා අරගෙන යයි කියලා. ඔවුන්ට තව වසර 3ක් තියෙනවා ලෝක කුසලානයට යන්න පාර හදාගන්න. නව නායකයා ඇතුළු ටීම් එකම ඒ ගමන යයි කියලා. නායකයෙක් විදියට මම තනි වෙන අවස්ථා වැඩියි, ඒ හැල හැප්පීම් එක්ක මගෙත් එක්ක හිටිය හැමෝටම ස්තූතියි. බලයට හා තන්හාව එක්ක ඉඳලා වැඩක් නෑ, සමහර තැන්වල ගත්ත තීරණ වරදින්න පුලුවන්. නමුත් ඒ තීරණ ගැන වගකීම මම භාරගත්තා. ඒ නිසා කාරුණික ඉල්ලීමක් කරනවා හැමෝගෙන්ම, අපි පරදින්න බලාගෙන යන්නේ නෑ. ඒ නිසා දැන් ඉන්න නායකයෝ දෙන්නට උදව් කරන්න කියලා මම කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.