Gossip

යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනය, පේදුරතුඩුව ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ ඊයේ රාත‍්‍රී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට යාපනය, පේදුරුතුඩුව ප‍්‍රදේශයේදී පොලීසිය වෙඩි තැබුවේ ඊයේ පස්වරුවේයි. එහිදී ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනවසරයෙන් වැලි ප‍්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් මාර්ග බාධකයන් යොදා මෙම ලොරි රථය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ලොරි රථය අණ නොතකා ධාවනය කිරිමේදී පොලීසිය වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. සිද්ධියෙන් ලොරි රථයේ ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. සිද්ධියත් සමග ප‍්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග ඊයේ පස්වරුවේ ප‍්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්ද ඇති වී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහභාගීත්වයෙන් යුත් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.