Gossip

ශ්‍රී ලංකාවෙන් විශ්මිත වාර්තාවක්

පළමු හෘද බද්ධ කිරීම සාර්ථකව සිදු කිරීම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික‍්‍රම මහතා සහ ළමා හෘද රෝග විශේෂඥ සුනේත‍්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මිය මීට කලකට පෙර ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඊට තවත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙන්ම හෘද රෝග ශල්‍ය වෛද්‍යවරුන් රැසකගෙන් ඔවුන්ට දායකත්වය ලැබුණා. එහිදී මෙම වෛද්‍ය කණ්ඩායම ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ හෘදය බද්ධ කිරීම සඳහා සුදුසු රෝගියෙකු සොයා ගැනීමයි. ඒ අනුව වෛද්‍ය සුනේත‍්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මිය මෙම රෝගියා පිළිබඳව විශේෂ පරීක්ෂණ රැසක් සිදු කර තිබෙනවා.

හදිසි අනතුරකින් බරපතල තුවාල ලැබූ මහනුවර ප‍්‍රදේශයේ තරුණයෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කරන්නේ මේ අතරවාරයේදී.

මොළය මියගිය අදාල තරුණයාගේ ජීව හෘදය ප‍්‍රදානය කිරීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළ කිරීමත් සමගම පසුගිය සිකුරාදා හෘදය බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර මහ රෝහලේදී සිදු කෙරුණා. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර ඊට ගතවූ කාලය පැය 8 ක්.

මෙලෙස හදවත බද්ධ කරනු ලැබුවේ අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක්දරු මව මේ වන විට මහනුවර මහ රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.