Gossip

අපේ වරදින්ම තමයි මේ තරගාවලිය පරාජයට පත්වුණේ – ඇන්ජෙලෝ මැතිව්ස්

ඊයේ ශ්‍රී ලංකා පිල සිම්බාබ්වෙ පිල සමඟින් ලැබූ තරඟාවලි පරාජයෙන් පසුව නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේදී පවසා සිටියේ තමන්ට මෙම පරාජය දරාගත නොහැකි බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙවන් පරාජයක් හිමිවූයේ කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින්ගේ වරදින් බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ..

“බොහෝම අමාරු අවස්ථාවක්. මේ පරාජය දරා ගන්න ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අපේ වරදින්ම තමයි මේ තරගාවලිය පරාජයට පත්වුණේ”

“බොහෝම කණගාටුයි. මේ වගේ දිගින් දිගටම තරග පරදින්න බෑ. පසුගිය තරගවල පිතිකරුවන් හොඳට කරලා අද තරගය පැරදුනේ පිතිකරුවන් නිසායි”

“මේ තරගයේදී අපි පන්දුවට පහර දෙන විට දඟ කැවීමත් තිබුණා. නමුත් ලකුණු 203 කින් සෑහීමකට පත්වෙන්න බෑ. අකිල සහ මාලිංග හොඳට පන්දු යැව්වා. සිම්බාබ්වේ කඩුල්ලකට ලකුණු 137 ක් ලබා සිටියත් අපි කඩුලු 7 ක් ලබා ගත්තා. ලකුණු 240 ක් තිබුණා නම් අපිට ජය ලබන්නත් අවස්ථාවක් තිබුණා කියලා මට හිතෙනවා”

“අපි කණ්ඩායමක් හැටියට මහන්සිවෙලා පුහුණුවීම් කරනවා. නමුත් මැදට ගියාම තමයි ප්‍රශ්නය තියෙන්නේ. එහෙම කියලා ඒක නිදහසට කරුණක් නොවෙයි”

“දීල්රුවන්ව ශූරයන්ගේ කුසලාන තරගාවලියට 17 වැනියට ගෙනිච්චේ අත්දැකීම් ඕන නිසා තමයි. තේරීම් කමිටුවේ අදහසක් තිබුණා 2019 ඉලක්ක කරලා නවකයන් ගේන්න. නමුත් තරගය ජයග්‍රහණය කරන්න ඕන නිසා අපි කුලසේකරවත් පසුව ගෙනාවා. ඩිල්රුවන් අනිවාර්යෙන්ම අපේ ටෙස්ට් සැලැස්මේ ඉන්නවා. ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයන්ව ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කරවීම තමයි සැලැස්ම වුණේ”

“සුදු පන්දුවෙන් අපිට ඉන්නම හොඳම පන්දු යවන්නෝ තමයි සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ඒ දෙන්නම ආබාධයක්ට ලක්ව සිටිනවා. අපි අවසන් තරග දෙකේ මාලිංගත් විවේකගන්වන්න හිටියේ නමුත් අපිට අවාසනාවකට අත්දැකීම් අවශ්‍ය වුණා. අසිත ප්‍රනාන්දු කියන්නේ හොඳ පන්දු යවන්නෙක් ඔහුට එළියට යන්න වුණේ අත්දැකීම් අවශ්‍ය වූ නිසා කුලසේකරව කැඳවීමෙන්”

මෙම තත්ත්වය යටතේ ඉන්දියාවට මුහුණ දීමේ හැකියාව තිබේද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“ඉන්දියාව සමඟ තරග කිරීමට පෙර සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වෙන්න තිබෙනවා. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරන්න තමයි මුලින්ම හිතන්නේ”

“අපේ සෑම අංශයකම ගොඩක් අඩු පාඩු තියෙනවා. ඉන්දීය තරගාවලියට තව සති දෙකක් වගේ තියෙන්නේ. සුළු කාලයකින් අඩු පාඩු හදාගන්න ඕනේ” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

පරාජයෙන් පසුව මැතිව්ස් දැක්වූ අදහස්

Posted by පැපරාසියා PaparaZiya on Monday, July 10, 2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.