Gossip

කසළ වලින් ගඩොල් හදන වත්තල සුසන්ත (Video)

කැළිකසළ ප‍්‍රශ්නය මේ වෙනකොට අපේ රටේ ජාතික ප‍්‍රශ්නයක් තරමටම දුරදිග ගිහින්. ඒ නිසම කැළිකසල යොදාගෙන අලූත් නිෂ්පාදනයක් කිරිමට වත්තල ප‍්‍රදේශයේ පෙදරේරුවෙක් සමත් වී තිබෙනවා.

වත්තල, ගොංගිතොට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සුසන්ත අමරසිංහ වෘත්තියෙන් පෙදරේරුවෙක්. පරිසරයට අහිතකර ලෙස බලපා ඇති කසළ ගැටලූවට ඔහු සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ ඉවතලන කසළ වර්ගීකරණය කර ඉන් ශක්තිමත් ගඩොලක් නිෂ්පාදනය කරමින්. ඔහුගේ අපූරු ගඩොලේ අමුද්‍රව්‍ය වී ඇත්තේ ඉවතලන ටයිල්, වීදුරුකටු, තණකොළ, අළු, ඉවතලන කෑම, ප්ලාස්ටික් වැනි දිරාපත් වන හා නොවන ද්‍රව්‍ය. මේවා යොදාගෙන බරින් හා පෙනුමින් පරිපූර්ණ වූ ගඩොලක් ඔහු නිෂ්පාදනය කරනවා.

නුවරඑළිය වැනි ශීත ප‍්‍රදේශවලට උණුසුම් ගඩොලකුත් දිවයිනේ අනෙක් ප‍්‍රදේශවලට සාමාන්‍ය ගඩොලකුත් නිෂ්පාදනය කර ඇති සුසන්ත අපට කිව්වේ මේ වගේ ගඩොල් වර්ග 6 ක් තමන්ට නිෂ්පාදනය කළ හැකි බවයි. තම නවතම සොයා ගැනීම සඳහා ඔහු පේටන්ට් බලපත‍්‍රයත් ඉල්ලූම් කරලා.

ජාතික ගැටලූවක් තරමටම දුරදිග ගොස් ඇති කසළ ගැටලූවට සාර්ථක විසඳුමක් සොයාගත් සුසන්ත අපට කිව්වේ මෙය මහා පරිමාණයෙන් කි‍්‍රයාත්මක කළ හැකි නම් ඉවතලන කසළ ඉතා පහසුවෙන් මුදල් බවට පත් කළ හැකි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.