Gossip

රාවණ රජුගේ මාලිගය සැඟව ඇතැයි පැවසෙන භූගත ගල් ගුහාවට පළමුවරට හිමිනමක් යයි

‘නිල් දිය පොකුණ’ කියූ විට බොහෝ දෙනා දන්නේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් ලෙසයි.රාවණ රජුගේ මාලිගය සැඟව ඇතැයි පැවසෙන මෙම භූගත ගල් ගුහාවට පළමුවරට හිමිනමක් ගොස් ඇති බව වාර්තාවනවා .ඒ මැදල පුරාණ රජ මහා විහාරයේ වැඩ වසන දේවනන්ද හිමිනමයි.

එම ගමන පිළිබඳව උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපද සමගින් සටහනක් තබා ඇති අයුරු.

‘‘අඩි 3000කටත් පහලින් භුගතව පිහිටා ඇති නිල් දිය පොකුණ.(මහා රාවණයන්ගේ මාලිගාව සැගවි පවතින උමන් මාර්ගය)දිවි පරදුවටට තබා ගිය ගමන සාර්ථක වුණා.

නිල් දිය පොකුණ පිහිටා තිබෙන්නේ භූගතවයි. ඇල්ල වැල්ලවාය මාරගයේ කරදගොල්ල පාසල අසලින් තිබෙන මාර්යේ කිලෝ මිටර එකහාමාරක් පමණ යනවිට මේම උමන් මාර්ගයට පිවිසෙන්න පූලුවන්කම තිබේණවා.මහා ගණ කැලය මැද පිහිටා ඇති උමන් මාර්ගයට ගැමියෙකුගේ උපකාර නොමැතිව යා නොහැකිය. උමන් මාර්ගය දුටු සැනින් හිතට බිහිසුණු බවක් ඇතිවෙනවා.ඇත්තෙන්ම ඉතා බිහිසුණුයි කිවොත් නිවරදියි.නිකමටවත් ලිස්සාගියහොත් කිලෝ මිටර තුන කටත් ඒහැයින් බිමට පතිතවනවා.

කඹයක් මාර්ගයෙන් ඒල්ලි අඩි 30 ක් 40ක් පමණ යෑමට තිබේනවා.ඉන්පසුව හමුවන්නේ කුඩා කාමරයක් බදු කොටසක්. තවත් කඹයක ආධාරයෙන් ඒල්ලි අඩි 30ක් පමණ පහළට බහින්න ඔනේ.ඉන්පසුව හිමින් පහලට අඩිය තියමින් මිටර් 500ක් විතර ගියපසු හොදින් ඉඩකඩ තිබේන සිතාගත නොහෑකි ශාලාවක් හමුවෙනවා.එතැන බිත්තියකින් අනිත් පැත්තට යා හැකියි.ඒතැනින් අඩි 700ක් 800ක් පමණ පහලට බහිනවිට දැකිය හැකිවන්නේ විශාල දේශන ශාලා වැනි තැන්ය.ඒහි ඒක් පැත්තකින් දිය ඇල්ලක ශබ්දයක් ඇසේ. එතැන් සිට අඩි 1500 ක් පමණ යන විට නිල පැහැයෙන් බබලන ඉතා අලන්කාරවත් පොකුණක් ඇත.

ඒම ජලය කිසි දිනක සුර්ය එළිය දැක නැත.ඉතා පිරිසිදු මේම ජල පොකුණට ජලය ඒන්නේ කොතනින්ද යන්න තවම අබිරහසකකි.කිසිදු සේලවිමක් නැති මේම නිල් දිය පොකුණ කෙළවර මහා රාවණයන්ගේ ඉතා අලන්කාර මාලිගාව පිහිටා ඇතිබවයි ගැමියන්ගේ විශ්වාසය වන්නෙ.මා මේ ස්ථානයට රැගෙන ගිය ගැමියා පැවසුවේ මේම පොකූණ කෙළවර පහන් ආලොකදාරවන් බදු ආලෝකයක් දෙපස අසිපත් දෙකක් කැරකෙමින් පවතිනවා ගැමියන් කිහිපවරක් දුටු බවයි.ඒහි සත්‍ය අසත්‍ය තාවය මා නොදනිමි.

නමුත් සියැසින් දුටු සත්ය වන්නේ කෑලි කෑලි වලට කැපිය හැකි මහා ඝණ අන්ධකාරයක් තුළ නිල් පැහැයෙන් බබලන ඉතා පිරිසිදු ජල ධාරව හා අධයාත්මිය බලවේග රැසක් ඒහි තිබෙන බවයි.ගැමියන් පවසන්නේ නිර්මාන්ෂයෙන් තොරව කිසිවෙකුට මේ ගමන් කේලවර කර ඒමට නොහැකි බවයි.මහාරාවණයන්ට නිගරු කරන කිසිවෙකුට මෙහි යා නොහැකි බවයි ගැමියා පැවසුවේ. මේම ගැමියා පැවසුවේ භික්ෂුවක් පලමුවරට මෙහි පිවිසුනු බවයි. ඒපිලිබදව මා ඉතා සතුටට පත්වෙමි”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.