Gossip

හෙරොයින් තොගයක් සමග පොලිසියට කොටු වූ කාන්තාව

ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයෙන් හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 50 ක් සහ මිලිග‍්‍රෑම් 200 ක් සොයාගත් බවයි. මේ අතර බෙලිඅත්ත ප‍්‍රදේශයේදී ද හෙරොයින් මත්කුඩු සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බෙලිඅත්ත ප‍්‍රදේශයේ හෙරොයින් මත්කුඩු ළඟ තබාගත් චෝදනා මත තරුණියන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලිිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු පස්වරුවේ බෙලිඅත්ත රම්දම්පොළ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට පත්වූ සැකකාරියන් සතුව තිබී ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 600 ක හොරොයින් සොයාගෙන තිබෙනවා.

තවද ඔවුන් සතුව තිබී රුපියල් 81,190 ක මුදලක් ද ජංගම දුරකතන හතරක් සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා බැංකුවක තැන්පත් කළ මුදලේ රිසිට් පත ද පොලිසිය සොයාගත්තා. බෙලිඅත්ත රඹුක්කැටිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 19,25 හැවිරිදි වියේ පසුවූ සහෝදරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් සැකකාරියන් බෙලිඅත්ත පොලිසියට භාරදී ඇති අතර ඔවුන් අද දින තංගල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.