Gossip

වෛද්‍ය ශිෂ්‍ය දිල්ෂාන් සින්දු වලට රෝගීන් මාකට් කරනවා ද ?

දුෂ්‍යන්ත් වීරමන් එක්ක නැට්ටුක්කාරී ගීතය කරලා ටික දවසක් සද්ද නැතිව හිටපු නව පරපුරේ ප්‍රසිද්ධ ගායක දිල්ෂාන් ආයේ වැඩ පටන් අරන්. කොහොම වුනත් මේ පාර දිල්ශාන් කරලා තියෙන වැඩේ පිටිපස්සේ හැංගිච්ච කතාවක් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුනේ.

කොටින්ම කිව්වොත් මේ ගීතය පිටුපස ඇත්ත කතාව දිල්ශාන්ගේ ආදර කතාව ලු. ගායකයෙක් විදියට නමක් හදාගෙන ඉස්සරහට ගියත් දිල්ශාන් කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. කොහොම වුනත් එලි පිට මේ ගැන කතා නොකරන දිල්ශාන් රෝගී තරුණියක් ගැන කරන ගීතයක් විදියට මේක එලියට දාලා තියෙනවා. කොටින්ම කිව්වොත් තමන්ගේ වේදනාව මකා ගන්න කරපු වැඩක් කියලා කිව්වට මේ තරුණියගේ පාර්ශවයෙන් නම් මේ දවස් වල මේ ගෑනු ළමයාව මාකට් කරා කියලා හොදටම බැනුම් අහන්න වෙලා තියෙනවා කියලාත් මේ ගැන ඇහුවම දිල්ශාන් අපි එක්ක කිව්වා.

හිට් වෙන්න නිරුවත මාකට් කරන කාලේක දිල්ශාන් රෝගීන්වයි නිරුවතයි දෙකම එකපාර මාකට් කරන එක නම් එච්චර හරි වැඩක් නෙවේ සමහරු ප්‍රසිද්ධියේ බනිනවා කියලා අපි එක්ක කිව්වේ දිල්ශාන් මයි. දුක මකා ගන්න ගිහින් මේ පාර දිල්ශාන් මොන නැටුමක් නටයි ද දන්නේ දිල්ශාන් ම තමයි හැබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.