Gossip

උමා ඔය කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයේ උමග ආශ‍්‍රිත සියළු කැණීම් තාවකාලිකව නතර කිරීමට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා විසින් ඊයේ සවස නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමය හේතුවෙන් තමන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 28 වැනිදා බණ්ඩාරවෙල නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. භික්ෂූන් වහන්සේ බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සංගම් සහ සිවිල් සංවිධාන රැුසක් මෙම විරෝධතාවට එක්වුණා.

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවති විරෝධතාවට එක්වූවන් පැවසුවේ වැලිමඩ සහ වැල්ලවායට ඉදිකෙරෙන උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව තම නිවාස සහ ගොඩනැගිලිවලට දැඩි අලාභහානි සිදුවූ බවයි. එමෙන්ම එම උමං මාර්ගයේ ඇතිවූ ජල කාන්දුවක් හේතුවෙන් තමන් උග‍්‍ර ජල හිඟයකට මුහුණ දී ඇති බව ඔවුන් චෝදනා කළා.

විරෝධතාකරුවන් මෙහිදී ප‍්‍රකාශ කළේ බලධාරින්ගෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩව මෙම විරෝධතාව පවත්වාගෙන යන බවයි. මේ අතරවාරයේදී උමා ඔය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වූවන් සමග සාකච්ඡවක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විරෝධතාකරුවන්ට දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමග විරෝධතාවය අවසන් වූ අතර ඊට අදාළව සාකච්ඡුාවක් පසුගියදා පැවැත්වුණා. ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.

මෙම සාකච්ඡව සඳහා උමා ඔය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වූ පිරිසක් මෙන්ම මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා. එහිදී තීරණය කෙරුණේ සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදීමටයි. එමෙන්ම වන්දි ලබාදීම පිළිබඳව ද මෙම සාකච්ඡුාවේදී කතාබහට ලක්වූ අතර උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීමට මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරු තිදෙනාගෙන් යුත් කමිටුවක් ද පත්කෙරුණා.

මෙම කමිටුවේ සාමාජිකයෙකු වූ මහින්ද අමරවීර මහතා ඒ අනුව උමා ඔයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

මේ අතර ජනාධිපතිවරයා වෙත පසුගියදා උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබාදීමට පොරොන්දු වූ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා. එම වාර්තාව අනුවයි මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කැණීම් කටයුතු තාවකාලිකව නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. මෙම ව්‍යාපෘති පාර්ශවකරුවන් සමග සිදුකළ සාකච්ඡුාවකින් අනතුරුවයි ජනාධිපතිතුමා මෙම පියවර ගෙන ඇති බවයි මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

උමං මාර්ගයේ කැණීම් කටයුතු සහ උමං මාර්ගයේ ඇති විදුම් යන්ත‍්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර ස්විටසර්ලන්ත රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙරටට පැමිණි ස්විට්සර්ලන්ත විශේෂ උපදේශකවරුන්ගේ නිර්දේශය ද ලබාගෙන තිබෙනවා.

අදාළ නිර්දේශය අනුව ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපකරණ මේ මස ගෙන්වා ගැනීමටයි තීරණය වී තිබෙන්නේ. ජාත්‍යන්තර මෙන්ම දේශීය උපදේශකවරුන්ගේ නිර්දේශ හා උපදෙස් පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ද ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මෙහිදී තීරණය කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.