Gossip

තාත්තා පැදවූ ලොරිය නොසිතු ලෙස පිටුපසට ඇවිත් දුව යට වෙලා

මඩොල්සිම අමුණුදොව ප්‍රදේශයේදී (01 දා) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 2 1/2 ක දැරියක්‌ මියගිය ශෝකජනක පුවතක් වාර්තා විය.මෙසේ මියගොස්‌ ඇත්තේ මඩොල්සිම අමුණුදොව වතු ප්‍රදේශයේ පදිංචි එස්‌. බාල චන්ද්‍රන් (38) හැවිරිදි පුද්ගලයෙකි  මෙම සිද්දියෙන් මියගිය ඇත්තේ රියදුරුගේ දියණිය වන බාලචන්ද්‍රන් කෞශල්‍යා නමැති දැරිය වේ.

එස්‌. බාලචන්ද්‍රන් නමැත්තා මඩොල්සිම නගරයේ ලොරි රථ රියෑදුරෙකි. වෙනත් හිමිකරුවකුගේ ලොරියක රියැදුරු ලෙස සේවය කරන ඔහු (01 දා) සවස ලොරිය රැගෙන තම නිවස බලා පිටත්ව ගොස්‌ ඇත.ඒ යන අතරතුරේදී ඔහුට ඔහුගේ මිතුරෙකු හමුවී ලොරි රථය මාර්ගය පසෙක නවතා සුළු වේලාවක්‌ ඔහු සමග කතා බහ කරමින් හිඳ ඇත. මෙම අවස්‌ථාවේදී නිවස අසල කඩයකට ගොස්‌ සිටි මියගිය දැරිය පියාගේ ලොරි රථය දැක දිව විත් එහි පිටුපස රැඳී සිට පියා අමතමින් හිඳ ඇත.

මිතුරා සමග කතා බහ අවසන් කළ බාලචන්ද්‍රන් යළි ලොරි රථය පණ ගන්වා ඉදිරියට ගැනීමට යාමේදී නොසිතූ ලෙස එය පිටුපසට පැමිණ පිටුපස වූ දැරිය ලොරි රථයට යටවී තිබේ. බරපතළ ලෙස තුවාල ලබා සිටි දැරිය පස්‌සර දිසා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස්‌ ඇත

ලොරි රථයේ රියෑදුරු එස්‌. බාලචන්ද්‍රන් නමැති මියගිය දැරියගේ පියා දැනට මඩොල්සිම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මඩොල්සිම පොලිස්‌ ස්‌ථානාධිපති රත්නසිරි බණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.