Gossip

දවස් දෙකට බදුල්ලේ සිසුන් දෙදෙනෙකු බිලිගත් ඩෙංගු මාරයා

ඩෙංගු රෝගය වැළඳී බදුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මියගියා. ඊයේ දිනයේ ද බදුල්ලේ ඩෙංගු රෝගය වැළඳුණු තවත් සිසුවෙකු මියගොස් තිබුණා.

ඩෙංගු රෝගය වැළඳී බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මියගොස් තිබුණේ බදුල්ල සරස්වති විදුහලේ සිසුවෙක්. ශෂි කුමාර් කවීෂ් නමැති ඔහු බදුල්ල සරස්වති විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇත.

මේ අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙක් ද ඊයේ ඩෙංගු රෝගය වැළඳී මියගියා. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තිමිර ඉසුරංග නමැති සිසුවායි.

බදුල්ල මහ රෝහලේ ඩෙංගු රෝගීන් බවට හඳුනාගත් රෝගීන් 61 දෙනෙක් ප‍්‍රතිකාර ලබන අතර ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගීන් 69 දෙනෙක් ද ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.