Gossip

බස් ගාස්තු වැඩිවුණේ මෙහෙමයි

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු අද සිට ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි වන අතර සමස්ත බස් ගාස්තු සියයට 6.28 කින් වැඩිවනු ඇති. මෙම නව සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රුපියලකින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ද මේ අනුව ඉහළ නංවා ඇති බවයි. නව බස් ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 9, රුපියල් 10 දක්වා ද ඉහළ නංවා තිබෙනවා. නව බස් ගාස්තු වලට අනුව රුපියල් 12 සිට රුපියල් 24 දක්වා තිබූ බස් ගාස්තුව රුපියලකින් වැඩි වනවා. රුපියල් 33 සිට රුපියල් 43 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 2 කින් ද රුපියල් 45 සිට රුපියල් 54 දක්වා තිබූ බස් ගාස්තුව රුපියල් 3 කින් ද ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම රුපියල් 56 සිට රුපියල් 74 දක්වා වූ බස් ගාස්තුව වැඩිවන්නේ රුපියල් 4 කින්. රුපියල් 76 සිට රුපියල් 85 දක්වා බස් ගාස්තුව රුපියල් 5 කින් ද රුපියල් 87 සිට රුපියල් 103 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 6 කින් ද අද සිට වැඩිවන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ. රුපියල් 105 සිට රුපියල් 121 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 7 කින් වැඩිවී තිබෙනවා.

රුපියල් 123 සිට 132 දක්වා වූ බස් ගාස්තුව ද රුපියල් 8 කින් මෙන්ම 134 සිට 154 දක්වා බස් ගාස්තුව රුපියල් 9 කින් ද ඉහළ යනු ඇති. රුපියල් 156 සිට රුපියල් 167 දක්වා වූ ගාස්තුව වැඩි වන්නේ රුපියල් 10 කින්. රුපියල් 169 සිට රුපියල් 189 දක්වා වූ බස් ගාස්තුව ද වැඩි වී තිබෙනවා.

මේ අතර අන්තර් පළාත් බස් ගාස්තු සහ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව ද වැඩි වූ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ. මෙම බස් ගාස්තුව ඉහළ යාම පිළිබඳව මහජනතාව මෙලෙස අදහස් පළ කළා.

මෙම බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මහජනතාවට කිසියම් ගැටලූවක් පවතින්නේ නම් 011 2 55 44 76 හෝ 1955 යන දුරකථන අංක වලට දැනුම් දිය හැකි බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.